☰
මහණෙනි, ඔබට ශ්‍රේෂ්ඨ ජීවිතය ත්, ශ්‍රේෂ්ඨ ජීවිතයෙන් ලැබෙන යහපත ත් දේශනා කරන්නෙමි. එය අසව්.
මහණෙනි, ශ්‍රේෂ්ඨ ජීවිතය යනු කුමක් ද? ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම යි. එනම් නිවැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. නිවැරදි චිත්තේකාග්‍රතාවය ය. මහණෙනි, මෙය ශ්‍රේෂ්ඨ ජීවිතය යැයි කියනු ලැබේ.
මහණෙනි, ශ්‍රේෂ්ඨ ජීවිතයෙන් ලැබෙන යහපත කුමක් ද? මහණෙනි, යම් රාගය ක්ෂය වීමක් ඇද්ද, යම් ද්වේෂය ක්ෂය වීමක් ඇද්ද, යම් මෝහය ක්ෂය වීමක් ඇද්ද, මහණෙනි, මෙය ශ්‍රේෂ්ඨ ජීවිතයෙන් ලැබෙන යහපත යැයි කියනු ලැබේ.
සාදු! සාදු!! සාදු!!!
දුතිය බ්‍රහ්මඤ්ඤ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-4-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M