☰
මහණෙනි, ඔබට ශ්‍රේෂ්ඨ ජීවිතය ත්, ශ්‍රේෂ්ඨ ජීවිතයෙන් ලැබන ප්‍රතිඵල ත් දේශනා කරන්නෙමි. එය අසව්.
මහණෙනි, ශ්‍රේෂ්ඨ ජීවිතය යනු කුමක් ද? ඒ මේ ආර්ය අෂ්ටාංගික මර්ගය ම යි. එනම් නිවැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. නිවැරදි චිත්තේකාග්‍රතාවය ය. මහණෙනි, මෙය ශ්‍රේෂ්ඨ ජීවිතය යැයි කියනු ලැබේ.
මහණෙනි, ශ්‍රේෂ්ඨ ජීවිතයෙන් ලැබෙන ප්‍රතිඵල මොනවා ද? සෝවාන් ඵලය ය, සකදාගාමී ඵලය ය, අනාගාමී ඵලය ය, අරහත් ඵලය යන මෙය යි. මහණෙනි, මේවා ශ්‍රේෂ්ඨ ජීවිතයෙන් ලැබෙන ප්‍රතිඵල යැයි කියනු ලැබේ.
සාදු! සාදු!! සාදු!!!
බ්‍රහ්මඤ්ඤ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-4-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M