☰
මහණෙනි, ඔබට මහණකම ත්, මහණකමෙන් ලැබෙන යහපත ගැන ත් දේශනා කරන්නෙමි. එය අසව්.
මහණෙනි, මහණකම යනු කුමක් ද? ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම යි. එනම් නිවැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. නිවැරදි චිත්තේකාග්රතාවය ය. මහණෙනි, මෙය මහණකම යැයි කියනු ලැබේ.
මහණෙනි, මහණකමෙන් ලැබෙන යහපත කුමක් ද? මහණෙනි, යම් රාගය ක්ෂය වීමක් ඇද්ද, යම් ද්වේෂය ක්ෂය වීමක් ඇද්ද, යම් මෝහය ක්ෂය වීමක් ඇද්ද, මහණෙනි, මෙය මහණකමෙන් ලැබෙන යහපත යැයි කියනු ලැබේ.
සාදු! සාදු!! සාදු!!!
දුතිය සාමඤ්ඤ සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-4-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M