සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.4.5. සාමඤ්ඤ සුත්තං

1.4.5. මහණකම ගැන වදාළ දෙසුම

මහණෙනි, ඔබට මහණකම ත්, මහණකමෙන් ලැබෙන ප්‍රතිඵල ගැන ත් දේශනා කරන්නෙමි. එය අසව්.

මහණෙනි, මහණකම යනු කුමක් ද? ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම යි. එනම්, නිවැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. නිවැරදි චිත්තේකාග්‍රතාවය ය. මහණෙනි, මෙය මහණකම යැයි කියනු ලැබේ.

මහණෙනි, මහණකමෙන් ලැබෙන ප්‍රතිඵල මොනවා ද? සෝවාන් ඵලය ය, සකදාගාමී ඵලය ය, අනාගාමී ඵලය ය, අරහත් ඵලය යන මෙය යි. මහණෙනි, මේවා මහණකමෙන් ලැබෙන ප්‍රතිඵල යැයි කියනු ලැබේ.

සාදු! සාදු!! සාදු!!!

සාමඤ්ඤ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-4-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M