සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ අෂ්ට ධර්මය භාවිත කරන ලද්දේ, බහුල ව ප්‍රගුණ කරන ලද්දේ මෙතෙරින් එතෙරට යාම පිණිස පවතින්නේ ය. ඒ කවර අටක් ද යත්; එනම්, නිවැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. නිවැරදි චිත්තේකාග්‍රතාවය ය. මහණෙනි, මේ අෂ්ට ධර්මය භාවිත කරන ලද්දේ, බහුල ව ප්‍රගුණ කරන ලද්දේ මෙතෙරින් එතෙරට යාම පිණිස පවතින්නේ ය.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ නැවත මෙය ද වදාළ සේක.
(ගාථා)
1.මිනිසුන් අතර යම් ජනතාවක් සසරින් එතෙරට යත් නම්, ඔවුහු ඉතා ස්වල්ප දෙනෙකි. නමුත් මේ අවශේෂ ප්‍රජාව මෙතෙර නම් වූ සසරෙහි ම ඔබ මොබ දුව යති.
2.යම් කෙනෙක් මැනැවින් වදාරණ ලද ධර්මයට අනුකූල ව සිට ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත ව සිටිත් ද, ඔවුහු එතෙර වීමට දුෂ්කර වූ මාරයාගේ බල ප්‍රදේශය හැර එතෙර වන්නාහු ය.
3. කළු පැහැ අකුසල් දහම් දුරු කොට නුවණැත්තා සුදු පැහැ කුසල් දහම් වඩයි. යම් විවේකයක දුක සේ ඇලී වාසය කළ යුතු ද, කාමයන් අත්හැර, කාම රහිත වූ නිවනට පැමිණ එහි ඇලී වසයි.
4.කාමයන් අත්හැර කිසිවක් නැති හේ නිවනට ඇලී වසන්නේ ය. ඒ නුවණැති තැනැත්තා තම සිත කෙලෙසුන්ගෙන් පිරිසිදු කරන්නේ ය.
5.යම් කෙනෙකුන්ගේ සිත බොජ්ඣංග ධර්මයන්හී මැනැවින් වඩන ලද්දේ ද, අල්ලා ගැනීම් අත්හරින ලද්දේ, උපාදාන රහිත වූ නිවනෙහි ඇලුණු යම් කෙනෙක් වෙත් ද, ඒ ලොව බබුළුවන ක්ෂීණාශ්රව රහත්හු ලෝකයෙහි පිරිනිවී ගියාහු ය.
සාදු! සාදු!! සාදු!!!
පාරංගම සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-4-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M