☰
සැවැත් නුවර දී ය …..
මහණෙනි, යම්කිසි කෙනෙකුන් විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගය වරද්දා ගත්තේ නම් ඔවුන්ට වැරදී ගියේ මැනැවින් දුක් ක්ෂය කරන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය යි.
මහණෙනි, යම්කිසි කෙනෙකුන් විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගය අරඹන ලද්දේ නම්, ඔවුන් විසින් අරඹන ලද්දේ මැනැවින් දුක් ක්ෂය කරන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය යි.
මහණෙනි, ආර්ය අෂ්ටාංගික මාර්ගය යනු කුමක් ද? එනම්, නිවැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. නිවැරදි චිත්තේකාග්‍රතාවය ය.
මහණෙනි, යම්කිසි කෙනෙකුන් විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගය වරද්දා ගත්තේ නම් ඔවුන්ට වැරදී ගියේ මැනැවින් දුක් ක්ෂය කරන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය යි.
මහණෙනි, යම්කිසි කෙනෙකුන් විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගය අරඹන ලද්දේ නම් ඔවුන් විසින් අරඹන ලද්දේ මැනැවින් දුක් ක්ෂය කරන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය යි.
සාදු! සාදු!! සාදු!!!
විරද්ධ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-4-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M