සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.4.2. පටිපන්න සුත්තං

1.4.2. ප්‍රතිපත්තියෙහි බැසගැනීම ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, ඔබට වැරදි ප්‍රතිපත්තියෙහි බැසගත් කෙනා ගැන ත්, නිවැරදි ප්‍රතිපත්තියෙහි බැසගත් කෙනා ගැන ත් දේශනා කරන්නෙමි. එය අසව්.

මහණෙනි, වැරදි ප්‍රතිපත්තියෙහි බැසගැනීම යනු කුමක් ද? මහණෙනි, මෙලොවෙහි ඇතැමෙක් වැරදි දෘෂ්ටියක් ගත්තේ වෙයි. ….(පෙ)…. වැරදි චිත්තේකාග්‍රතාවයෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, මෙය වැරදි ප්‍රතිපත්තියෙහි පිළිපන්නේ යැයි කියනු ලැබේ.

මහණෙනි, නිවැරදි ප්‍රතිපත්තියෙහි බැසගැනීම යනු කුමක් ද? මහණෙනි, මෙලොවෙහි ඇතැමෙක් නිවැරදි දෘෂ්ටියෙන් යුක්ත වූයේ වෙයි. ….(පෙ)…. නිවැරදි චිත්තේකාග්‍රතාවයෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, මෙය නිවැරදි ප්‍රතිපත්තියෙහි පිළිපන්නේ යැයි කියනු ලැබේ.

සාදු! සාදු!! සාදු!!!

පටිපන්න සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-4-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M