සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.3.9. වේදනා සුත්තං

1.3.9. විඳීම් ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ විඳීම් තුනකි. ඒ කවර තුනක් ද යත්; සැප විඳීම ය, දුක් විඳීම ය, දුක් සැප රහිත විඳීම ය. මහණෙනි, මේ වනාහී විඳීම් තුන යි. මහණෙනි. මේ විඳීම් තුන පිරිසිඳ දකිනු පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුත්තේ ය. ආර්ය අෂ්ටාංගික මාර්ගය යනු කුමක් ද? එනම් සම්මා දිට්ඨිය ….(පෙ)…. සම්මා සමාධිය ය. මහණෙනි, මේ තුන් විඳීම් පිරිසිඳ දකිනු පිණිස මෙම ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

වේදනා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-3-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M