සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.3.8. සමාධි සුත්තං

1.3.8. සමාධිය ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, ඔබට හේතු සම්පත් සහිත වූ, අවශ්‍ය දේ සහිත වූ ආර්ය සම්මා සමාධිය ගැන දේශනා කරන්නෙමි. එය අසව්.

මහණෙනි, හේතු සම්පත් සහිත වූ, අවශ්‍ය දේ සහිත වූ ආර්ය සම්මා සමාධිය කුමක්ද? එනම් නිවැරදි දෘෂ්ටිය ය, නිවැරදි සංකල්පනා ය, නිවැරදි වචන භාවිතය ය, නිවැරදි කායික ක්‍රියා ය, නිවැරදි ජීවිකාව ය, නිවැරදි උත්සාහය ය, නිවැරදි සිහිය ය. මහණෙනි, මේ සප්ත අංගයන්ගෙන් යුක්ත ව සිතෙහි ඇති යම් ඒකාග්‍රතාවයක් ඇත්නම් එය අවශ්‍ය දේ සහිත බවින් යුක්ත වෙයි. මහණෙනි, ආර්ය සම්මා සමාධිය මෙසේ හේතු සම්පත් සහිත යැයි ද, මෙසේ අවශ්‍ය දේ සහිත යැයි ද කියනු ලැබේ.

සාදු! සාදු!! සාදු!!!

සමාධි සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-3-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M