☰
සැවැත් නුවර දී ය …..
යම් සේ මහණෙනි, ආධාරකයක් නොමැති ව තිබෙන කළය පහසුවෙන් පෙරළිය හැක්කේ වෙයි ද, ආධාරකයක් මත තිබෙන කළය පහසුවෙන් පෙරළිය නොහැක්කේ වෙයි ද, එසෙයින් ම මහණෙනි, ආධාරකයක් රහිත වූ සිත පහසුවෙන් පෙරළිය හැක්කේ වෙයි. ආධාරකයක් සහිත වූ සිත පහසුවෙන් පෙරළිය නොහැක්කේ වෙයි. මහණෙනි, සිතට ඇති ආධාරකය කුමක් ද? ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම ය. එනම් නිවැරදි දෘෂ්ටිය ය ….(පෙ)…. නිවැරදි චිත්තේකාග්රතාවය ය. මහණෙනි, මෙය සිතට ඇති ආධාරකය යැයි කියනු ලැබේ.
යම් සේ මහණෙනි, ආධාරකයක් නොමැති ව තිබෙන කළය පහසුවෙන් පෙරළිය හැක්කේ වෙයි ද, ආධාරකයක් මත තිබෙන කළය පහසුවෙන් පෙරළිය නොහැක්කේ වෙයි ද, එසෙයින් ම මහණෙනි, ආධාරකයක් රහිත වූ සිත පහසුවෙන් පෙරළිය හැක්කේ වෙයි. ආධාරකයක් සහිත වූ සිත පහසුවෙන් පෙරළිය නොහැක්කේ වෙයි.
සාදු! සාදු!! සාදු!!!
කුම්භ සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-3-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M