සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.3.6. දුතිය අසප්පුරිස සුත්තං

1.3.6. අසත්පුරුෂයා ගැන වදාළ දෙවෙනි දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, ඔබට අසත්පුරුෂයා ගැන ත්, අසත්පුරුෂයාට ත් වඩා අසත්පුරුෂයා ගැන ත්, සත්පුරුෂයා ගැන ත්, සත්පුරුෂයාට ත් වඩා සත්පුරුෂයා ගැන ත් දේශනා කරන්නෙමි. එය අසව්.

මහණෙනි, අසත්පුරුෂයා යනු කවුද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් වැරදි දෘෂ්ටියෙන් යුක්ත වෙයි. ….(පෙ)…. වැරදි චිත්තේකාග්‍රතාවයෙන් යුක්ත වෙයි. මහණෙනි, මොහු අසත්පුරුෂයා යැයි කියනු ලැබේ.

මහණෙනි, අසත්පුරුෂයාට ත් වඩා අසත්පුරුෂයා යනු කවුද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් වැරදි දෘෂ්ටියෙන් යුක්ත වෙයි. ….(පෙ)…. වැරදි චිත්තේකාග්‍රතාවයෙන් යුක්ත වෙයි. වැරදි ඥානයෙන් යුක්ත වෙයි. වැරදි විමුක්තියෙන් යුක්ත වෙයි. මහණෙනි, මොහු අසත්පුරුෂයාට ත් වඩා අසත්පුරුෂයා යැයි කියනු ලැබේ.

මහණෙනි, සත්පුරුෂයා යනු කවුද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් නිවැරදි දෘෂ්ටියෙන් යුක්ත වෙයි. ….(පෙ)…. නිවැරදි චිත්තේකාග්‍රතාවයෙන් යුක්ත වෙයි. මහණෙනි, මොහු සත්පුරුෂයා යැයි කියනු ලැබේ.

මහණෙනි, සත්පුරුෂයාට ත් වඩා සත්පුරුෂයා යනු කවුද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් නිවැරදි දෘෂ්ටියෙන් යුක්ත වෙයි. ….(පෙ)…. නිවැරදි චිත්තේකාග්‍රතාවයෙන් යුක්ත වෙයි. නිවැරදි ඥානයෙන් යුක්ත වෙයි. නිවැරදි විමුක්තියෙන් යුක්ත වෙයි. මහණෙනි, මොහු සත්පුරුෂයාට ත් වඩා සත්පුරුෂයා යැයි කියනු ලැබේ.

සාදු! සාදු!! සාදු!!!

දුතිය අසප්පුරිස සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-3-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M