☰
සැවැත් නුවර දී ය …..
මහණෙනි, ඔබට අසත්පුරුෂයා ගැන ත්, සත්පුරුෂයා ගැන ත් දේශනා කරන්නෙමි. එය අසව්.
මහණෙනි, අසත්පුරුෂයා යනු කවුද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් වැරදි දෘෂ්ටියෙන් යුක්ත වෙයි. වැරදි සංකල්පනාවෙන් යුක්ත වෙයි. වැරදි වචන භාවිතයෙන් යුක්ත වෙයි. වැරදි කායික ක්රියාවෙන් යුක්ත වෙයි. වැරදි ජීවිකාවෙන් යුක්ත වෙයි. වැරදි උත්සාහයෙන් යුක්ත වෙයි. වැරදි සිහියෙන් යුක්ත වෙයි. වැරදි චිත්තේකාග්රතාවයෙන් යුක්ත වෙයි. මහණෙනි, මොහු අසත්පුරුෂයා යැයි කියනු ලැබේ.
මහණෙනි, සත්පුරුෂයා යනු කවුද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් නිවැරදි දෘෂ්ටියෙන් යුක්ත වෙයි. නිවැරදි සංකල්පනාවෙන් යුක්ත වෙයි. නිවැරදි වචන භාවිතයෙන් යුක්ත වෙයි. නිවැරදි කායික ක්රියාවෙන් යුක්ත වෙයි. නිවැරදි ජීවිකාවෙන් යුක්ත වෙයි. නිවැරදි උත්සාහයෙන් යුක්ත වෙයි. නිවැරදි සිහියෙන් යුක්ත වෙයි. නිවැරදි චිත්තේකාග්රතාවයෙන් යුක්ත වෙයි. මහණෙනි, මොහු සත්පුරුෂයා යැයි කියනු ලැබේ.
සාදු! සාදු!! සාදු!!!
අසප්පුරිස සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M