සැවැත් නුවර දී ය …..
මහණෙනි, මම ගිහියෙකුගේ වේවා, පැවිද්දෙකුගේ වේවා වැරදි ප්‍රතිපදාව වර්ණනා නොකරමි. මහණෙනි, ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ වැරද්දට බැස ගත්තේ, වැරදි පිළිවෙතෙහි පිහිටීම නම් වූ අර්බුදය හේතුවෙන් ආර්ය මාර්ග සංඛ්‍යාත කුසල ධර්මය නොලබන්නෙක් වෙයි.
මහණෙනි, වැරදි ප්‍රතිපදාව යනු කුමක් ද? එනම්, වැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. වැරදි චිත්තේකාග්‍රතාවය ය. මහණෙනි, මෙය වැරදි ප්‍රතිපදාව යැයි කියනු ලැබේ.
මහණෙනි, මම ගිහියෙකුගේ වේවා, පැවිද්දෙකුගේ වේවා වැරදි ප්‍රතිපදාව වර්ණනා නොකරමි. මහණෙනි, ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ වැරද්දට බැස ගත්තේ, වැරදි පිළිවෙතෙහි පිහිටීම නම් වූ අර්බුදය හේතුවෙන් ආර්ය මාර්ග සංඛ්‍යාත කුසල ධර්මය නොලබන්නෙක් වෙයි.
මහණෙනි, මම ගිහියෙකුගේ වේවා, පැවිද්දෙකුගේ වේවා නිවැරදි ප්‍රතිපදාව වර්ණනා කරමි. මහණෙනි, ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ නිවැරදි දෙයට බැස ගත්තේ, නිවැරදි පිළිවෙතෙහි පිහිටීම නම් වූ යහපත හේතුවෙන් ආර්ය මාර්ග සංඛ්‍යාත කුසල ධර්මය ලබන්නෙක් වෙයි.
මහණෙනි, නිවැරදි ප්‍රතිපදාව යනු කුමක් ද? එනම්, නිවැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. නිවැරදි චිත්තේකාග්‍රතාවය ය. මහණෙනි, මෙය නිවැරදි ප්‍රතිපදාව යැයි කියනු ලැබේ.
මහණෙනි, මම ගිහියෙකුගේ වේවා, පැවිද්දෙකුගේ වේවා නිවැරදි ප්‍රතිපදාව වර්ණනා කරමි. මහණෙනි, ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ නිවැරදි දෙයට බැස ගත්තේ, නිවැරදි පිළිවෙතෙහි පිහිටීම නම් වූ යහපත හේතුවෙන් ආර්ය මාර්ග සංඛ්‍යාත කුසල ධර්මය ලබන්නෙක් වෙයි.
සාදු! සාදු!! සාදු!!!
දුතිය පටිපදා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M