සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.3.3. පටිපදා සුත්තං

1.3.3. ප්‍රතිපදාව ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, ඔබට වැරදි ප්‍රතිපදාව ද, නිවැරදි ප්‍රතිපදාව ද දේශනා කරන්නෙමි. එය අසව්.

මහණෙනි, වැරදි ප්‍රතිපදාව යනු කුමක් ද? එනම්, වැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. වැරදි චිත්තේකාග්‍රතාවය ය. මහණෙනි, මෙය වැරදි ප්‍රතිපදාව යැයි කියනු ලැබේ.

මහණෙනි, නිවැරදි ප්‍රතිපදාව යනු කුමක් ද? එනම්, නිවැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. නිවැරදි චිත්තේකාග්‍රතාවය ය. මහණෙනි, මෙය නිවැරදි ප්‍රතිපදාව යැයි කියනු ලැබේ.

සාදු! සාදු!! සාදු!!!

පටිපදා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-3-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M