☰
සැවැත් නුවර දී ය …..
මහණෙනි, ඔබට වරදවා ගත් බව ද, නිවැරදි බව ද දේශනා කරන්නෙමි. එය අසව්.
මහණෙනි, වරදවා ගත් බව යනු කුමක් ද? එනම්, වැරදි දෘෂ්ටිය ය, වැරදි සංකල්පනා ය, වැරදි වචන භාවිතය ය, වැරදි කායික ක්රියා ය, වැරදි ජීවිකාව ය, වැරදි උත්සාහය ය, වැරදි සිහිය ය, වැරදි චිත්තේකාග්රතාවය ය. මහණෙනි, මෙය වරදවා ගත් බව යැයි කියනු ලැබේ.
මහණෙනි, නිවැරදි බව යනු කුමක් ද? එනම්, නිවැරදි දෘෂ්ටිය ය, නිවැරදි සංකල්පනා ය, නිවැරදි වචන භාවිතය ය, නිවැරදි කායික ක්රියා ය, නිවැරදි ජීවිකාව ය, නිවැරදි උත්සාහය ය, නිවැරදි සිහිය ය, නිවැරදි චිත්තේකාග්රතාවය ය. මහණෙනි, මෙය නිවැරදි බව යැයි කියනු ලැබේ.
සාදු! සාදු!! සාදු!!!
මිච්ඡත්ත සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M