සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.2.10. තතිය කුක්කුටාරාම සුත්තං

1.2.10. කුක්කුටාරාමයේ දී වදාළ තෙවෙනි දෙසුම

පාටලීපුත්‍ර නගරයෙහි දී ය ……

“ආයුෂ්මත් ආනන්දයෙනි, ‘බ්‍රහ්මචරියාව, බ්‍රහ්මචරියාව’ යැයි කියනු ලැබේ. ආයුෂ්මත, බ්‍රහ්මචරියාව යනු කුමක් ද? බඹසරෙහි හැසිරෙන්නා යනු කවුද? බඹසරෙහි අවසානය යනු කුමක් ද?”

“ආයුෂ්මත් භද්දයෙනි, යහපති, යහපති. ආයුෂ්මත් භද්දයෙනි, ඔබගේ ප්‍රශ්න විමසීම යහපති. වැටහීම යහපති. නැවත නැවත විමසීම යහපති. ආයුෂ්මත් භද්දයෙනි, ඔබ ‘ආයුෂ්මත් ආනන්දයෙනි, ‘බ්‍රහ්මචරියාව, බ්‍රහ්මචරියාව’ යැයි කියනු ලැබේ. ආයුෂ්මත, බ්‍රහ්මචරියාව යනු කුමක් ද? බඹසරෙහි හැසිරෙන්නා යනු කවුද? බඹසරෙහි අවසානය යනු කුමක් ද?’ යනුවෙන් මෙසේ අසන්නෙහි ද?”

“එසේ ය, ආයුෂ්මත”

“ආයුෂ්මත, බ්‍රහ්මචරියාව යනු මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම ය. එනම් නිවැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. නිවැරදි චිත්තේකාග්‍රතාවය ය.

ආයුෂ්මත, යමෙක් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් යුක්ත වූයේ වෙයි ද, ඔහු බඹසරෙහි හැසිරෙන්නා යැයි කියනු ලැබේ. ආයුෂ්මත, යම් රාගය ක්ෂය වීමක් ඇද්ද, ද්වේෂය ක්ෂය වීමක් ඇද්ද, මෝහය ක්ෂය වීමක් ඇද්ද, මෙය බඹසරෙහි අවසානය යි.”

සාදු! සාදු!! සාදු!!!

තතිය කුක්කුටාරාම සූත්‍රය නිමා විය.

දෙවෙනි විහාර වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

විහාර සූත්‍ර දෙක, සේඛ සූත්‍රය, උප්පාද සූත්‍ර දෙක, පරිසුද්ධ සූත්‍ර දෙක සහ කුක්කුටාරාම සූත්‍ර තුන වශයෙන් මෙහි සූත්‍ර දසයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M