☰
පාටලීපුත්‍ර නගරයෙහි දී ය ……
එකත්පස් ව හුන් ආයුෂ්මත් භද්ද තෙරණුවෝ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මෙය පැවසූහ.
“ආයුෂ්මත් ආනන්දයෙනි, ‘බ්‍රහ්මචරියාව, බ්‍රහ්මචරියාව’ යැයි කියනු ලැබේ. ආයුෂ්මත, බ්‍රහ්මචරියාව යනු කුමක් ද? බ්‍රහ්මචරිය නිමාවට පත් වීම යනු කුමක්ද?”
“ආයුෂ්මත් භද්දයෙනි, යහපති, යහපති. ආයුෂ්මත් භද්දයෙනි, ඔබගේ ප්‍රශ්න විමසීම යහපති. වැටහීම යහපති. නැවත නැවත විමසීම යහපති. ආයුෂ්මත් භද්දයෙනි, ඔබ ‘ආයුෂ්මත් ආනන්දයෙනි, ‘බ්‍රහ්මචරියාව, බ්‍රහ්මචරියාව’ යැයි කියනු ලැබේ. ආයුෂ්මත, බ්‍රහ්මචරියාව යනු කුමක් ද? බ්‍රහ්මචරිය නිමාවට පත්වීම යනු කුමක්ද?’ යනුවෙන් මෙසේ අසන්නෙහි ද?”
“එසේ ය, ආයුෂ්මත”
“ආයුෂ්මත, බ්‍රහ්මචරියාව යනු මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම ය. එනම් නිවැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. නිවැරදි චිත්තේකාග්‍රතාවය ය. ආයුෂ්මත, යම් රාගය ක්ෂය වීමක් ඇද්ද, ද්වේෂය ක්ෂය වීමක් ඇද්ද, මෝහය ක්ෂය වීමක් ඇද්ද, මෙය බ්‍රහ්මචරිය නිමාවට පත්වීම යැයි කියනු ලැබේ.”
සාදු! සාදු!! සාදු!!!
දුතිය කුක්කුටාරාම සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M