මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ත්, ආයුෂ්මත් භද්ද තෙරණුවෝ ත් පාටලීපුත්‍ර නගරයෙහි කුක්කුටාරාමයෙහි වැඩවෙසෙති. එකල්හී ආයුෂ්මත් භද්ද තෙරණුවෝ සවස් වරුවෙහි භාවනාවෙන් නැගිට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ සමඟ සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු පිළිසඳර කතාබහ නිමවා එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් භද්ද තෙරණුවෝ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මෙය පැවසූහ.
“ආයුෂ්මත් ආනන්දයෙනි, ‘අබ්‍රහ්මචරියාව, අබ්‍රහ්මචරියාව’ යැයි කියනු ලැබේ. ආයුෂ්මත, අබ්‍රහ්මචරියාව යනු කුමක් ද?”
“ආයුෂ්මත් භද්දයෙනි, යහපති, යහපති. ආයුෂ්මත් භද්දයෙනි, ඔබගේ ප්‍රශ්න විමසීම යහපති. වැටහීම යහපති. නැවත නැවත විමසීම යහපති. ආයුෂ්මත් භද්දයෙනි, ඔබ ‘ආයුෂ්මත් ආනන්දයෙනි, ‘අබ්‍රහ්මචරියාව, අබ්‍රහ්මචරියාව’ යැයි කියනු ලැබේ. ආයුෂ්මත, අබ්‍රහ්මචරියාව යනු කුමක් ද?’ යනුවෙන් මෙසේ අසන්නෙහි ද?”
“එසේ ය, ආයුෂ්මත”
“ආයුෂ්මත, අබ්‍රහ්මචරියාව යනු මේ මිථ්‍යා අෂ්ටාංගික මාර්ගය ම ය. එනම් වැරදි දෘෂ්ටිය ය, වැරදි සංකල්පනා ය, වැරදි වචන භාවිතය ය, වැරදි කායික ක්‍රියා ය, වැරදි ජීවිකාව ය, වැරදි උත්සාහය ය, වැරදි සිහිය ය, වැරදි චිත්තේකාග්‍රතාවය ය.”
සාදු! සාදු!! සාදු!!!
කුක්කුටාරාම සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M