☰
සැවැත් නුවර දී ය ………
මහණෙනි, පිරිසිදු ව බබලන්නා වූ, කෙලෙස් රහිත වූ, උපක්ලේශ රහිත වූ මේ ධර්මයන් අට සුගත විනයෙහි හෙවත් බුදු සසුනෙක විනා අන් කිසි තැනක ඇති නොවූ ත්, අන් කිසි තැනක ඇති නොවන්නා වූ ත් දෙයකි. ඒ කවර ධර්ම අටක් ද යත්, එනම්; සම්මා දිට්ඨිය ….(පෙ)…. සම්මා සමාධිය යි. මහණෙනි, පිරිසිදු ව බබලන්නා වූ, කෙලෙස් රහිත වූ, උපක්ලේශ රහිත වූ මේ ධර්මයන් අට සුගත විනයෙහි හෙවත් බුදු සසුනෙක විනා අන් කිසි තැනක ඇති නොවූ ත්, අන් කිසි තැනක ඇති නොවන්නා වූ ත් දෙයකි.
සාදු! සාදු!! සාදු!!!
දුතිය පරිසුද්ධ සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M