සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.2.6. පරිසුද්ධ සුත්තං

1.2.6. පිරිසිදු නිවන් මග ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය ………

මහණෙනි, පිරිසිදු ව බබලන්නා වූ, කෙලෙස් රහිත වූ, උපක්ලේශ රහිත වූ මේ ධර්මයන් අට තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් විනා අන් කාලයක ඇති නොවූ ත්, අන් කාලයක ඇති නොවන්නා වූ ත් දෙයකි. ඒ කවර ධර්ම අටක් ද යත්, එනම්; සම්මා දිට්ඨිය ….(පෙ)…. සම්මා සමාධිය යි. මහණෙනි, පිරිසිදු ව බබලන්නා වූ, කෙලෙස් රහිත වූ, උපක්ලේශ රහිත වූ මේ ධර්මයන් අට තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් විනා අන් කාලයක ඇති නොවූ ත්, අන් කාලයක ඇති නොවන්නා වූ ත් දෙයකි.

සාදු! සාදු!! සාදු!!!

පරිසුද්ධ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M