සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.2.5. දුතිය උප්පාද සුත්තං

1.2.5. පහළවීම ගැන වදාළ දෙවෙනි දෙසුම

සැවැත් නුවර දී ය ………

මහණෙනි, මැනැවින් දියුණු කරන ලද, බහුල ව ප්‍රගුණ කරන ලද මේ ධර්මයන් අට සුගත විනයෙහි හෙවත් බුදු සසුනෙක විනා අන් කිසි තැනක ඇති නොවූ ත්, අන් කිසි තැනක ඇති නොවන්නා වූ ත් දෙයකි. ඒ කවර ධර්ම අටක් ද යත්, එනම්; සම්මා දිට්ඨිය ….(පෙ)…. සම්මා සමාධිය යි. මහණෙනි, මැනැවින් දියුණු කරන ලද, බහුල ව ප්‍රගුණ කරන ලද මේ ධර්මයන් අට සුගත විනයෙහි හෙවත් බුදු සසුනෙක විනා අන් කිසි තැනක ඇති නොවූ ත්, අන් කිසි තැනක ඇති නොවන්නා වූ ත් දෙයකි.

සාදු! සාදු!! සාදු!!!

දුතිය උප්පාද සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M