☰
මහණෙනි, මේ අප්‍රකට කෙලෙස් සතකි. ඒ කවර සතක් ද යත්; අප්‍රකට ව ඇති කාමරාගය ය, අප්‍රකට ව ඇති පටිඝය ය, අප්‍රකට ව ඇති දෘෂ්ටීන් ය, අප්‍රකට ව ඇති සැකය ය, අප්‍රකට ව ඇති මාන්නය ය, අප්‍රකට ව ඇති භවරාගය ය, අප්‍රකට ව ඇති අවිද්‍යාව ය. මහණෙනි, මේ වනාහී අනුසය සත යි. මහණෙනි, මේ සතක් වූ අනසයයන් විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරනු පිණිස ….(පෙ)…. පිරිසිඳ දැනීම පිණිස ….(පෙ)…. ක්ෂය කිරීම පිණිස ….(පෙ)…. ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුත්තේ ය. කවර ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ද යත්, මහණෙනි, මෙහිලා භික්ෂුව නිවැරදි දෘෂ්ටිය දියුණු කරයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, නිවැරදි චිත්තේකාග්‍රතාවය දියුණු කරයි. මහණෙනි, මේ සතක් වූ අනුසයයන් විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරනු පිණිස ….(පෙ)…. පිරිසිඳ දැනීම පිණිස ….(පෙ)…. ක්ෂය කිරීම පිණිස ….(පෙ)…. ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුත්තේ ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-16-65/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M