සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.16.81.-96. කාමගුණ සූත්‍රයෝ

1.16.81.-96. කාමගුණ ගැන වදාළ දෙසුම්

මහණෙනි, මේ කාමගුණ පසකි. ඒ කවර පසක් ද යත්; ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වරූප ඇති, කාමූපසංහිත වූ, කෙලෙස් උපදවන, ඇසින් දැක්ක යුතු රූපයෝ ය. ….(පෙ)…. කනින් ඇසිය යුතු ශබ්දයෝ ය. ….(පෙ)…. නාසයෙන් දත යුතු ගන්ධයෝ ය. ….(පෙ)…. දිවෙන් දත යුතු රසයෝ ය. ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වරූප ඇති, කාමූපසංහිත වූ, කෙලෙස් උපදවන, කයෙන් දත යුතු ස්පර්ශයෝ ය. මහණෙනි, මේ වනාහී පංච කාමගුණයෝ ය. මහණෙනි, මේ පංච කාමගුණයන් විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරනු පිණිස ….(පෙ)…. පිරිසිඳ දැනීම පිණිස ….(පෙ)…. ක්ෂය කිරීම පිණිස ….(පෙ)…. ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුත්තේ ය. කවර ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ද යත්, මහණෙනි, මෙහිලා භික්ෂුව නිවැරදි දෘෂ්ටිය දියුණු කරයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, නිවැරදි චිත්තේකාග්‍රතාවය දියුණු කරයි. මහණෙනි, මේ පංච කාමගුණයන් විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරනු පිණිස ….(පෙ)…. පිරිසිඳ දැනීම පිණිස ….(පෙ)…. ක්ෂය කිරීම පිණිස ….(පෙ)…. ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුත්තේ ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-16-81/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M