සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.16.49.-64. ගන්ථ සූත්‍රයෝ

1.16.49.-64. ගෙතීම් ගැන වදාළ දෙසුම්

මහණෙනි, මේ ගෙතීම් සතරකි. ඒ කවර සතරක් ද යත්; ලෝභයෙන් ගෙතෙන කෙලෙස් ය, ව්‍යාපාදයෙන් ගෙතෙන කෙලෙස් ය, සීලබ්බත පරාමාසයෙන් ගෙතෙන කෙලෙස් ය, ‘මෙය ම සත්‍යය ය’යි දැඩි ව බැසගැනීමෙන් ගෙතෙන කෙලෙස් ය. මහණෙනි, මේ වනාහී ගෙතීම් සතර යි. මහණෙනි, මේ සතර ගෙතීම් විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරනු පිණිස ….(පෙ)…. පිරිසිඳ දැනීම පිණිස ….(පෙ)…. ක්ෂය කිරීම පිණිස ….(පෙ)…. ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුත්තේ ය. කවර ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ද යත්, මහණෙනි, මෙහිලා භික්ෂුව නිවැරදි දෘෂ්ටිය දියුණු කරයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, නිවැරදි චිත්තේකාග්‍රතාවය දියුණු කරයි. මහණෙනි, මේ සතර ගෙතීම් විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරනු පිණිස ….(පෙ)…. පිරිසිඳ දැනීම පිණිස ….(පෙ)…. ක්ෂය කිරීම පිණිස ….(පෙ)…. ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුත්තේ ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-16-49/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M