සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.16.33.-48. උපාදාන සූත්‍රයෝ

1.16.33.-48. ග්‍රහණය වීම් ගැන වදාළ දෙසුම්

මහණෙනි, මේ ග්‍රහණය වීම් සතරකි. ඒ කවර සතරක් ද යත්; කාමයට ග්‍රහණය වීම ය, දෘෂ්ටීන්ට ග්‍රහණය වීම ය, සීල-ව්‍රතයන්ට ග්‍රහණය වීම ය, ආත්ම වාදයට ග්‍රහණය වීම ය. මහණෙනි, මේ වනාහී උපාදාන සතර යි. මහණෙනි, මේ සතර උපාදානයන් විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරනු පිණිස ….(පෙ)…. පිරිසිඳ දැනීම පිණිස ….(පෙ)…. ක්ෂය කිරීම පිණිස ….(පෙ)…. ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුත්තේ ය. කවර ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ද යත්, මහණෙනි, මෙහිලා භික්ෂුව නිවැරදි දෘෂ්ටිය දියුණු කරයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, නිවැරදි චිත්තේකාග්‍රතාවය දියුණු කරයි. මහණෙනි, මේ සතර උපාදානයන් විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරනු පිණිස ….(පෙ)…. පිරිසිඳ දැනීම පිණිස ….(පෙ)…. ක්ෂය කිරීම පිණිස ….(පෙ)…. ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුත්තේ ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-16-33/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M