සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.16.17.-32. යෝග සූත්‍රයෝ

1.16.17.-32. යෙදීම් ගැන වදාළ දෙසුම්

මහණෙනි, මේ යෙදීම් සතරකි. ඒ කවර සතරක් ද යත්; කාමයෙහි යෙදීම ය, භවයෙහි යෙදීම ය, දෘෂ්ටියෙහි යෙදීම ය. අවිද්‍යාවෙහි යෙදීම ය. මහණෙනි, මේ වනාහී යෝග සතර යි. මහණෙනි, මේ සතර යෝගයන් විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරනු පිණිස ….(පෙ)…. පිරිසිඳ දැනීම පිණිස ….(පෙ)…. ක්ෂය කිරීම පිණිස ….(පෙ)…. ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුත්තේ ය. කවර ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ද යත්, මහණෙනි, මෙහිලා භික්ෂුව නිවැරදි දෘෂ්ටිය දියුණු කරයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, නිවැරදි චිත්තේකාග්‍රතාවය දියුණු කරයි. මහණෙනි, මේ සතර යෝගයන් විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරනු පිණිස ….(පෙ)…. පිරිසිඳ දැනීම පිණිස ….(පෙ)…. ක්ෂය කිරීම පිණිස ….(පෙ)…. ප්‍රහාණය පිණිස මේ ආර්යඅෂ්ටාංගික මාර්ගය වැඩිය යුත්තේ ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-16-17/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M