සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.14.25.-28. ආකාස සූත්‍රයෝ

1.14.25.-28. අහස ගැන වදාළ දෙසුම්

මහණෙනි, යම් සේ අහසෙහි විවිධ අයුරින් සුළං හමයි. පෙරදිගිනුත් සුළං හමයි. බටහිරිනුත් සුළං හමයි. උතුරිනුත් සුළං හමයි. දකුණිනුත් සුළං හමයි. දුහුවිලි සහිත ව ත් සුළං හමයි. දුහුවිලි රහිත ව ත් සුළං හමයි. සීතලෙනුත් සුළං හමයි. උණුසුමෙනුත් සුළං හමයි. ස්වල්ප වශයෙනුත් සුළං හමයි. ඉතා බලවත් ලෙස ත් සුළං හමයි.

එසෙයින් ම මහණෙනි, ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරන විට, ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරන විට භික්ෂුව තුළ සතර සතිපට්ඨානය ත් වැඩීමෙන් පිරිපුන් බවට යයි. සතර සම්‍යක් ප්‍රධානය ත් වැඩීමෙන් පිරිපුන් බවට යයි. සතර ඉර්ධිපාද ත් වැඩීමෙන් පිරිපුන් බවට යයි. පංච ඉන්ද්‍රියයනුත් වැඩීමෙන් පිරිපුන් බවට යයි. පංච බලයනුත් වැඩීමෙන් පිරිපුන් බවට යයි. සතක් වූ බොජ්ඣංගයනුත් වැඩීමෙන් පිරිපුන් බවට යයි. මහණෙනි, ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙසේ වඩද්දී ද, ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙසේ බහුල ව ප්‍රගුණ කරද්දී ද, භික්ෂුව තුළ සතර සතිපට්ඨානය ත් වැඩීමෙන් පිරිපුන් බවට යන්නේ? සතර සම්‍යක් ප්‍රධාන වීර්යය ….(පෙ)…. සතර ඉර්ධිපාද ….(පෙ)…. පංච ඉන්ද්‍රිය ….(පෙ)…. පංච බල ….(පෙ)…. සප්ත බොජ්ඣංගයනුත් වැඩීමෙන් පිරිපුන් බවට යන්නේ?

මහණෙනි, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, නිවැරදි දෘෂ්ටිය දියුණු කරයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, නිවැරදි චිත්තේකාග්‍රතාවය දියුණු කරයි.

මහණෙනි, ආර්ය අෂ්ටාංගික මාර්ගය මෙසේ වඩද්දී, ආර්ය අෂ්ටාංගික මාර්ගය මෙසේ බහුල ව ප්‍රගුණ කරද්දී, භික්ෂුව තුළ සතර සතිපට්ඨානය ත් වැඩීමෙන් පිරිපුන් බවට යන්නේ ය. සතර සම්‍යක් ප්‍රධාන වීර්යය ….(පෙ)…. සතර ඉර්ධිපාද ….(පෙ)…. පංච ඉන්ද්‍රිය ….(පෙ)…. පංච බල ….(පෙ)…. සප්ත බොජ්ඣංගයනුත් වැඩීමෙන් පිරිපුන් බවට යන්නේ ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-14-25/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M