සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.1.6. භික්ඛු සුත්තං

1.1.6. එක්තරා භික්ෂුවකට වදාළ දෙසුම

සැවැත් නුවර දී ය………..

එකල්හී එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“ස්වාමීනි, ‘බඹසර, බඹසර’ යනුවෙන් කියනු ලැබේ. ස්වාමීනී, බඹසර යනු කුමක්ද? බඹසර අවසන් වීම යනු කුමක්ද?”

“භික්ෂුව, බඹසර යනු මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම යි. එනම් නිවැරදි දෘෂ්ටිය ….(පෙ)…. නිවැරදි චිත්තේකාග්‍රතාවය යි. භික්ෂුව, යම් රාගය ක්ෂය වීමක් ඇද්ද, ද්වේෂය ක්ෂය වීමක් ඇද්ද, මෝහය ක්ෂය වීමක් ඇද්ද මෙය බඹසර අවසන් වීම යි.”

සාදු! සාදු!! සාදු!!!

භික්ඛු සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M