සැවැත් නුවර දී ය………..
එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසූහ.
“ස්වාමීනී, මේ නිවන් මග මුළුමනින් ම පවතින්නේ කල්‍යාණමිත්‍රයන් ඇති බව මත ය. කල්‍යාණ සහායකයන් ඇති බව මත ය. කලණ මිතුරන්ගේ ඇසුරට ඇති නැඹුරු වීම මත ය.”
“සාදු! සාදු! සාරිපුත්තයෙනි. සාරිපුත්තයෙනි, මේ නිවන් මග මුළුමනින් ම පවතින්නේ කල්‍යාණමිත්‍රයන් ඇති බව මත ය. කල්‍යාණ සහායකයන් ඇති බව මත ය. කලණ මිතුරන්ගේ ඇසුරට ඇති නැඹුරු වීම මත ය. සාරිපුත්තයෙනි, කලණ මිතුරන් සිටින, කලණ සහායකයන් සිටින, කලණ මිතුරු ඇසුරට නැඹුරුව සිටින භික්ෂුව ආර්ය අෂ්ටාංගික මාර්ගය තමා තුළ දියුණු කරගන්නේ ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය තමා තුළ බහුල ව ප්‍රගුණ කරගන්නේ ය යන කරුණ කැමති විය යුතුය.
සාරිපුත්තයෙනි, කලණ මිතුරන් සිටින, කලණ සහායකයන් සිටින, කලණ මිතුරු ඇසුරට නැඹුරු ව සිටින භික්ෂුව ආර්ය අෂ්ටාංගික මාර්ගය තමා තුළ දියුණු කරගන්නේ, ආර්ය අෂ්ටාංගික මාර්ගය තමා තුළ බහුල ව ප්‍රගුණ කරගන්නේ කෙසේද?
සාරිපුත්තයෙනි, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුක්ත ව, විරාගී සිතින් යුක්ත ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුක්ත ව, නිවනට නැඹුරු වූ සිතින් යුක්ත ව, නිවැරදි දෘෂ්ටිය තමා තුළ දියුණු කරගනියි. ….(පෙ)…. නිවැරදි කල්පනා කිරීම් තමා තුළ දියුණු කරගනියි. ….(පෙ)…. නිවැරදි වචන භාවිතය තමා තුළ දියුණු කරගනියි. ….(පෙ)…. නිවැරදි කායික ක්‍රියා තමා තුළ දියුණු කරගනියි. ….(පෙ)…. නිවැරදි ජීවිකාව තමා තුළ දියුණු කරගනියි. ….(පෙ)…. නිවැරදි වීර්යය තමා තුළ දියුණු කරගනියි. ….(පෙ)…. නිවැරදි සිහිය තමා තුළ දියුණු කරගනියි. කාය චිත්ත විවේකයෙන් යුක්ත ව, විරාගී සිතින් යුක්ත ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුක්ත ව, නිවනට නැඹුරු වූ සිතින් යුක්ත ව, නිවැරදි චිත්තේකාග්‍රතාව තමා තුළ දියුණු කරගනියි.
සාරිපුත්තයෙනි, කලණ මිතුරන් සිටින, කලණ සහායකයන් සිටින, කලණ මිතුරු ඇසුරට නැඹුරු ව සිටින භික්ෂුව ආර්ය අෂ්ටාංගික මාර්ගය තමා තුළ දියුණු කරගන්නේ, ආර්ය අෂ්ටාංගික මාර්ගය තමා තුළ බහුල ව ප්‍රගුණ කරගන්නේ ඔය අයුරිනි.
සාරිපුත්තයෙනි, මේ නිවන් මග මුළුමනින් ම පවතින්නේ කල්‍යාණමිත්‍රයන් ඇති බව මත ය. කල්‍යාණ සහායකයන් ඇති බව මත ය. කලණ මිතුරන්ගේ ඇසුරට ඇති නැඹුරු වීම මත ය යන කරුණ මේ ක්‍රමයෙනුත් දැනගත යුත්තේ ය.
සාරිපුත්තයෙනි, ඉපදීම උරුම කොට සිටි සත්වයෝ කල්‍යාණමිත්‍ර වූ මා වෙත පැමිණ ඉපදීමෙන් නිදහස් වෙති. ජරාව උරුම කොට සිටි සත්වයෝ ජරාවෙන් නිදහස් වෙති. මරණය උරුම කොට සිටි සත්වයෝ මරණයෙන් නිදහස් වෙති. සෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම්, ලතැවුල් උරුම කොට සිටි සත්වයෝ සෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම්, ලතැවුල් වලින් නිදහස් වෙති.
සාරිපුත්තයෙනි, මේ නිවන් මග මුළුමනින් ම පවතින්නේ කල්‍යාණමිත්‍රයන් ඇති බව මත ය. කල්‍යාණ සහායකයන් ඇති බව මත ය. කලණ මිතුරන්ගේ ඇසුරට ඇති නැඹුරු වීම මත ය යන කරුණ ඔය ක්‍රමයෙනුත් දැනගත යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
සාරිපුත්ත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M