මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය රාජධානියෙහි නාගරක නම් ශාක්‍යයන්ගේ නියම්ගමෙහි වැඩවාසය කරන සේක. එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටිත් ද, එතැනට පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසූහ.
“ස්වාමීනී, මේ නිවන් මගෙහි හරි අඩක් ම පවතින්නේ කල්‍යාණමිත්‍රයන් ඇති බව මත ය. කල්‍යාණ සහායකයන් ඇති බව මත ය. කලණ මිතුරන්ගේ ඇසුරට ඇති නැඹුරු වීම මත ය.”
“ආනන්දයෙනි, එසේ නොපවසව. ආනන්දයෙනි, එසේ නොපවසව. ආනන්දයෙනි, මේ නිවන් මග මුළුමනින් ම පවතින්නේ කල්‍යාණමිත්‍රයන් ඇති බව මත ය. කල්‍යාණ සහායකයන් ඇති බව මත ය. කලණ මිතුරන්ගේ ඇසුරට ඇති නැඹුරු වීම මත ය. ආනන්දයෙනි, කලණ මිතුරන් සිටින, කලණ සහායකයන් සිටින, කලණ මිතුරු ඇසුරට නැඹුරු ව සිටින භික්ෂුව ආර්ය අෂ්ටාංගික මාර්ගය තමා තුළ දියුණු කරගන්නේ ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය තමා තුළ බහුල ව ප්‍රගුණ කරගන්නේ ය යන කරුණ කැමති විය යුතුය.
ආනන්දයෙනි, කලණ මිතුරන් සිටින, කලණ සහායකයන් සිටින, කලණ මිතුරු ඇසුරට නැඹුරු ව සිටින භික්ෂුව ආර්ය අෂ්ටාංගික මාර්ගය තමා තුළ දියුණු කරගන්නේ, ආර්ය අෂ්ටාංගික මාර්ගය තමා තුළ බහුල ව ප්‍රගුණ කරගන්නේ කෙසේද?
ආනන්දයෙනි, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුක්ත ව, විරාගී සිතින් යුක්ත ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුක්ත ව, නිවනට නැඹුරු වූ සිතින් යුක්ත ව, නිවැරදි දෘෂ්ටිය තමා තුළ දියුණු කරගනියි.
කාය චිත්ත විවේකයෙන් යුක්ත ව, විරාගී සිතින් යුක්ත ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුක්ත ව, නිවනට නැඹුරු වූ සිතින් යුක්ත ව, නිවැරදි කල්පනා කිරීම් තමා තුළ දියුණු කරගනියි.
කාය චිත්ත විවේකයෙන් යුක්ත ව, විරාගී සිතින් යුක්ත ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුක්ත ව, නිවනට නැඹුරු වූ සිතින් යුක්ත ව, නිවැරදි වචන භාවිතය තමා තුළ දියුණු කරගනියි.
කාය චිත්ත විවේකයෙන් යුක්ත ව, විරාගී සිතින් යුක්ත ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුක්ත ව, නිවනට නැඹුරු වූ සිතින් යුක්ත ව, නිවැරදි කායික ක්‍රියා තමා තුළ දියුණු කරගනියි.
කාය චිත්ත විවේකයෙන් යුක්ත ව, විරාගී සිතින් යුක්ත ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුක්ත ව, නිවනට නැඹුරු වූ සිතින් යුක්ත ව, නිවැරදි ජීවිකාව තමා තුළ දියුණු කරගනියි.
කාය චිත්ත විවේකයෙන් යුක්ත ව, විරාගී සිතින් යුක්ත ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුක්ත ව, නිවනට නැඹුරු වූ සිතින් යුක්ත ව, නිවැරදි වීර්යය තමා තුළ දියුණු කරගනියි.
කාය චිත්ත විවේකයෙන් යුක්ත ව, විරාගී සිතින් යුක්ත ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුක්ත ව, නිවනට නැඹුරු වූ සිතින් යුක්ත ව, නිවැරදි සිහිය තමා තුළ දියුණු කරගනියි.
කාය චිත්ත විවේකයෙන් යුක්ත ව, විරාගී සිතින් යුක්ත ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුක්ත ව, නිවනට නැඹුරු වූ සිතින් යුක්ත ව, නිවැරදි චිත්තේකාග්‍රතාව තමා තුළ දියුණු කරගනියි.
ආනන්දයෙනි, කලණ මිතුරන් සිටින, කලණ සහායකයන් සිටින, කලණ මිතුරු ඇසුරට නැඹුරු ව සිටින භික්ෂුව ආර්ය අෂ්ටාංගික මාර්ගය තමා තුළ දියුණු කරගන්නේ, ආර්ය අෂ්ටාංගික මාර්ගය තමා තුළ බහුල ව ප්‍රගුණ කරගන්නේ ඔය අයුරිනි.
ආනන්දයෙනි, මේ නිවන් මග මුළුමනින් ම පවතින්නේ කල්‍යාණමිත්‍රයන් මත ය. කල්‍යාණ සහායකයන් මත ය. කලණ මිතුරන්ගේ ඇසුරට ඇති නැඹුරු වීම මත ය යන කරුණ මේ ක්‍රමයෙනුත් දැනගත යුත්තේ ය.
ආනන්දයෙනි, ඉපදීම උරුම කොට සිටි සත්වයෝ කල්‍යාණමිත්‍ර වූ මා වෙත පැමිණ ඉපදීමෙන් නිදහස් වෙති. ජරාව උරුම කොට සිටි සත්වයෝ ජරාවෙන් නිදහස් වෙති. මරණය උරුම කොට සිටි සත්වයෝ මරණයෙන් නිදහස් වෙති. සෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම්, ලතැවුල් උරුම කොට සිටි සත්වයෝ සෝක, වැළපීම්, කායික් දුක්, සුසුම්, ලතැවුල් වලින් නිදහස් වෙති.
ආනන්දයෙනි, මේ නිවන් මග මුළුමනින් ම පවතින්නේ කල්‍යාණමිත්‍රයන් ඇති බව මත ය. කල්‍යාණ සහායකයන් ඇති බව මත ය. කලණ මිතුරන්ගේ ඇසුරට ඇති නැඹුරු වීම මත ය යන කරුණ ඔය ක්‍රමයෙනුත් දැනගත යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
උපඩ්ඪ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M