සැවැත් නුවර දී ය………..
එකල්හී නන්දිය පරිබ්‍රාජක තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද එතැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සුහද කතා බහේ යෙදී එකත්පස් ව හිඳ ගත්තේ ය. එකත්පස් ව හුන් නන්දිය පරිබ්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසී ය.
“භවත් ගෞතමයන් වහන්ස, තමා තුළ කොතෙක් ධර්මයන් දියුණු කරගැනීමෙන් ද, බහුල ව ප්‍රගුණ කරගැනීමෙන් ද නිවන කරා යන්නේ? නිවන පිහිට කරගන්නේ? නිවනින් කෙළවර කරගන්නේ?”
“නන්දිය, ධර්මයන් අටක් තමා තුළ දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට නිවන කරා යන්නේ ය. නිවන් පිහිට සැළසෙන්නේ ය. නිවනින් සමාප්ත වන්නේ ය. ඒ කවර ධර්මයන් අටක් ද යත්, සම්මා දිට්ඨිය ….(පෙ)…. සම්මා සමාධිය යන මෙය යි. නන්දිය, මේ ධර්මයන් අට තමා තුළ දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට නිවන කරා යන්නේ ය. නිවන් පිහිට සැළසෙන්නේ ය. නිවනින් සමාප්ත වන්නේ ය.”
මෙසේ වදාළ කල්හී නන්දිය පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසීය.
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහර ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහර ය. භවත් ගෞතමයන් වහන්ස, යටිකුරු ව තිබූ දෙයක් උඩුකුරු කරන්නේ යම් සේ ද, වසා තිබූ දෙයක් විවෘත කර පෙන්වන්නේ යම් සේ ද, මං මුලා වූවහුට නිසි මග පවසන්නේ යම් සේ ද, ඇස් ඇත්තෝ රූප දකිත්වා යි අඳුරෙහි තෙල් පහනක් දරන්නේ යම් සේ ද, එසෙයින් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් අනේක අයුරින් ධර්මය වදාරණ ලද්දේ ය. ස්වාමීනී, ඒ මම් භවත් ගෞතමයන් වහන්සේ ව සරණ යමි. ධර්මය ත්, භික්ෂු සංඝයාත් සරණ යමි. භවත් ගෞතමයන් වහන්ස, අද පටන් දිවි හිමියෙන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් මාව පිළිගන්නා සේක්වා!”
සාදු! සාදු!! සාදු!!!
නන්දිය සූත්‍රය නිමා විය.
පළමුවෙනි අවිජ්ජා වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
අවිජ්ජා සූත්‍රය, උපඩ්ඪ සූත්‍රය, සාරිපුත්ත සූත්‍රය, බ්‍රාහ්මණ සූත්‍රය, කිමත්ථිය සූත්‍රය, භික්ඛු සූත්‍ර දෙක, විභංග සූත්‍රය, සූක සූත්‍රය, නන්දිය සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දසයකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M