සැවැත් නුවර දී ය ………
“මහණෙනි, මම අඩමසක් හුදෙකලා ව වසන්නට කැමැත්තෙමි. පිණ්ඩපාතය රැගෙන එන භික්ෂුව හැරුණු විට අන් කිසිවෙකු නොපැමිණිය යුතුය.”
“එසේ ය, ස්වාමීනී” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී පිණ්ඩපාතය රැගෙන යන භික්ෂුව හැරුණු කොට අන් කිසිවෙකුත් භාග්‍යවතුන් වහන්සේ වෙත නොඑළඹෙති. ඉක්බිති ඒ අඩමස ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේ බවුන් වැඩීමෙන් නැගීසිටි සේක් භික්ෂූන් ඇමතූ සේක.
“මහණෙනි, ඒ මම් සම්බුද්ධත්වයෙන් පළමු කොට යම් විහරණයකින් විසුවෙම් ද, එයින් එක්තරා විහරණයකින් යුතුව වාසය කළෙමි. එය මම් මෙසේ දනිමි. ‘වැරදි දෘෂ්ටිය නිසා ත් විඳීම් උපදියි. නිවැරදි දෘෂ්ටිය නිසා ත් විඳීම් උපදියි. වැරදි සංකල්පනා නිසා ත් විඳීම් උපදියි. නිවැරදි සංකල්පනා නිසා ත් විඳීම් උපදියි. වැරදි වචන නිසා ත් විඳීම් උපදියි. නිවැරදි වචන නිසා ත් විඳීම් උපදියි. වැරදි කායික ක්‍රියා නිසා ත් විඳීම් උපදියි. නිවැරදි කායික ක්‍රියා නිසා ත් විඳීම් උපදියි. වැරදි ජීවිකාව නිසා ත් විඳීම් උපදියි. නිවැරදි ජීවිකාව නිසා ත් විඳීම් උපදියි. වැරදි වීර්යය නිසා ත් විඳීම් උපදියි. නිවැරදි වීර්යය නිසා ත් විඳීම් උපදියි. වැරදි සිහිය නිසා ත් විඳීම් උපදියි. නිවැරදි සිහිය නිසා ත් විඳීම් උපදියි. වැරදි සමාධිය නිසා ත් විඳීම් උපදියි. නිවැරදි සමාධිය නිසා ත් විඳීම් උපදියි. කැමැත්ත නිසා ත් විඳීම් උපදියි. විතර්ක නිසා ත් විඳීම් උපදියි. හඳුනා ගැනීම් නිසා ත් විඳීම් උපදියි.
කැමැත්ත ත් නොසංසිඳුණේ වෙයි නම්, විතර්ක ත් නොසංසිඳුණේ වෙයි නම්, හඳුනාගැනීම් ද නොසංසිඳුණේ වෙයි නම් ඒ නිසා ත් විඳීම් උපදියි. කැමැත්ත ත් සංසිඳුණේ වෙයි නම්, එනමුදු විතර්ක ත් නොසංසිඳුණේ වෙයි නම්, හඳුනාගැනීම් ද නොසංසිඳුණේ වෙයි නම් ඒ නිසා ත් විඳීම් උපදියි. කැමැත්ත ත් සංසිඳුණේ වෙයි නම්, විතර්ක ත් සංසිඳුණේ වෙයි නම්, එනමුදු හඳුනාගැනීම් ද නොසංසිඳුණේ වෙයි නම් ඒ නිසා ත් විඳීම් උපදියි. කැමැත්ත ත් සංසිඳුණේ වෙයි නම්, විතර්ක ත් සංසිඳුණේ වෙයි නම්, හඳුනාගැනීම් ද සංසිඳුණේ වෙයි නම් ඒ නිසා ත් විඳීම් උපදියි. නොපත් අරහත්වයට පැමිණීම සඳහා වීර්යය ද ඇත්තේ ය. එකරුණ පැමිණි කල්හී ඒ නිසා ත් විඳීම් උපදියි.”
සාදු! සාදු!! සාදු!!!
විහාර සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M