ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ මල්ල ජනපදයේ උරුවේලකප්ප නම් මල්ලයන්ගේ නියම් ගමේ. එදා භද්‍රක ගාමණී භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ භද්‍රක ගාමණී භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසා සිටියා. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මා හට දුකෙහි හටගැනීමත්, නැතිවීමත් දේශනා කරන්නේ නම් ඉතා අගනේය.”
“පින්වත් ගාමණී, මං ඔබට අතීත කාලය අරභයා දුකේ හටගැනීමත්, නැති වීමත් දේශනා කරන්ට ගියොත්, “අතීත කාලෙ මෙහෙමයි වුණේ” කියලා ඔබට එහිලා සැක ඇති වෙන්ට ඉඩ තියෙනවා. විමතියක් ඇති වෙන්ට ඉඩ තියෙනවා. පින්වත් ගාමණී, ඒ වගේම මං ඔබට අනාගත කාලය අරභයා දුකේ හටගැනීමත්, නැති වීමත් දේශනා කරන්ට ගියොත්, ‘අනාගත කාලෙ මෙහෙමයි වන්නේ’ කියලා ඔබට ඒ ගැන වුණත් සැක ඇති වෙන්ට ඉඩ තියෙනවා. විමතියක් ඇති වෙන්ට ඉඩ තියෙනවා. එනිසා පින්වත් ගාමණී, මං මෙතැන ම හිඳගෙන, මෙතැන ම වාඩි වී සිටින ඔබට දුකේ හටගැනීමත්, දුකේ නැති වීමත් ගැන දේශනා කරන්නම්. එය සවන් යොමා අසන්න. මනාකොට නුවණින් මෙනෙහි කරන්න. මා කියා දෙන්නම්.” ‘එසේය ස්වාමීනි,’ කියලා භද්‍රක ගාමණී භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙම දෙසුම වදාළා.
“පින්වත් ගාමණී මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? යම් කෙනෙකු මරණයට පත් වුණොත්, බන්ධනයකට අහු වුණොත්, පිරිහී ගියොත්, නින්දාවකට වැටුණොත්, ඒ ගැන ඔබ තුළ සෝක, වැලපීම්, දුක් දොම්නස්, සුසුම් හෙළීම් උපදිනවා නම්, ඔබට එබඳු වූ මිනිසුන් උරුවේලකප්ප ගමෙහි ඉන්නවාද?” “ස්වාමීනි, යම් කෙනෙකු මරණයට පත් වුණොත්, බන්ධනයකට අහු වුණොත්, පිරිහී ගියොත්, නින්දාවකට වැටුණොත්, ඒ ගැන මා තුළ සෝක, වැලපීම්, දුක් දොම්නස්, සුසුම් හෙළීම් උපදිනවා නම්, මට එබඳු වූ මිනිසුන් උරුවේලකප්ප ගමෙහි ඉන්නවා.”
“ඒ වගේම පින්වත් ගාමණී, යම් කෙනෙකු මරණයට පත් වුණොත්, බන්ධනයකට අහු වුණොත්, පිරිහී ගියොත්, නින්දාවකට වැටුණොත්, ඒ ගැන ඔබ තුළ සෝක, වැලපීම්, දුක් දොම්නස්, සුසුම් හෙළීම් උපදින්නේ නැත්නම්, ඔබට එබඳු වූ මිනිසුන් උරුවේලකප්ප ගමෙහි ඉන්නවාද?” “ස්වාමීනි, යම් කෙනෙකු මරණයට පත් වුණොත්, බන්ධනයකට අහු වුණොත්, පිරිහී ගියොත්, නින්දාවකට වැටුණොත්, ඒ ගැන මා තුළ සෝක, වැලපීම්, දුක් දොම්නස්, සුසුම් හෙළීම් උපදින්නේ නැත්නම්, මට එබඳු වූ මිනිසුන් ද උරුවේලකප්ප ගමෙහි ඉන්නවා.”
“පින්වත් ගාමණී, උරුවේලකප්ප ගමේ ඇතැම් මිනිසුන්ගේ මරණයක් වුණොත්, බන්ධන ගත වීමක් වුණොත්, පිරිහීමක්, නින්දාවකට වැටීමක් වුණොත්, ඒ ගැන ඔබ තුළ සෝක, වැලපීම්, දුක් දොම්නස්, සුසුම් හෙළීම් උපදිනවා නම්, ඒකට හේතුව මොකක්ද? ප්‍රත්‍යය මොකක්ද? පින්වත් ගාමණී, උරුවේලකප්ප ගමේ ඇතැම් මිනිසුන්ගේ මරණයක් වුණොත්, බන්ධන ගත වීමක් වුණොත්, පිරිහීමක්, නින්දාවකට වැටීමක් වුණොත්, ඒ ගැන ඔබ තුළ සෝක, වැලපීම්, දුක් දොම්නස්, සුසුම් හෙළීම් උපදින්නේ නැත්නම්, ඒකට හේතුව මොකක්ද? ප්‍රත්‍යය මොකක්ද?” “ස්වාමීනි, උරුවේලකප්ප ගමේ යම් මිනිසුන්ගේ මරණයක් වුණොත්, බන්ධන ගත වීමක් වුණොත්, පිරිහීමක්, නින්දාවකට වැටීමක් වුණොත්, ඒ ගැන මා තුළ සෝක, වැලපීම්, දුක් දොම්නස්, සුසුම් හෙළීම් උපදිනවා නම්, ඒ උදවිය කෙරෙහි මා තුළ ඡන්දරාගය තියෙනවා. ස්වාමීනි, උරුවේලකප්ප ගමේ යම් මිනිසුන්ගේ මරණයක් වුණොත්, බන්ධන ගත වීමක් වුණොත්, පිරිහීමක්, නින්දාවකට වැටීමක් වුණොත්, ඒ ගැන මා තුළ සෝක, වැලපීම්, දුක් දොම්නස්, සුසුම් හෙළීම් උපදින්නේ නැත්නම්, ඒ උදවිය කෙරෙහි මා තුළ ඡන්දරාගය නෑ.”
“පින්වත් ගාමණී, ඔබ දැක ගත්, අවබෝධ කරගත්, අකාලික වූ, පැමිණියා වූ, බැස ගත්තා වූ මේ ධර්මය තුළින් අතීතයට හා අනාගතයටත් දහම් න්‍යාය අනුව ගලපා ගන්න. අතීත කාලයෙහි යම් කිසි දුකක් උපන්න විට ඉපදුනා නම්, ඒ සෑම දුකකට ම කැමැත්ත මුල් වුණා. කැමත්තයි මූලික කාරණය වුණේ. දුකේ මුල වනාහි ආශාව ම යි. අනාගත කාලයෙහි යම් කිසි දුකක් උපදින විට උපදිනවා නම්, ඒ සෑම දුකකට ම කැමැත්ත මුල් වෙනවා. කැමැත්තයි මූලික කාරණය වෙන්නේ. දුකේ මුල වනාහි ආශාව ම යි.”
“ස්වාමීනි, ආශ්චර්යයි. ස්වාමීනි, පුදුම සහගතයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් “අතීත කාලයෙහි යම් කිසි දුකක් උපන්න විට ඉපදුනා නම්, ඒ සෑම දුකකට ම කැමැත්ත මුල් වුණා. කැමැත්තයි මූලික කාරණය වුණේ. දුකේ මුල වනාහි ආශාව ම යි. අනාගත කාලයෙහි යම් කිසි දුකක් උපදින විට උපදිනවා නම් ඒ සෑම දුකකට ම කැමැත්ත මුල් වෙනවා. කැමැත්තයි මූලික කාරණය වන්නේ. දුකේ මුල වනාහි ආශාව ම යි.” කියලා මේ වදාරණ ලද්දේ කොයිතරම් සුභාෂිතයක්ද!
ස්වාමීනි, මට චිරවාසී කියල පොඩි පුත්‍රයෙක් ඉන්නවා. පිටස්තර ගෙදරකයි ඉන්නේ. ස්වාමීනි, ඒ මං පාන්දරින්ම නැගිටලා පුරුෂයෙකුව පිටත් කරල යවනවා “එම්බා මිනිස, යන්න. චිරවාසී කුමාරයා ගැන තොරතුරු දැන ගන්න” කියලා. ඉතින් ස්වාමීනි, ඒ පුරුෂයා යම්තාක් වේලාවක් නෑවිත් සිටිනවා නම්, ඒ මට “චිරවාසී කුමාරයාට කිසි පීඩාවක් වෙන්ට එපා” කියලා හිතේ වෙනස්කමක් ඇති වෙනවා ම යි. පින්වත් ගාමණී, මේ ගැන ඔබ මොකක්ද හිතන්නේ? චිරවාසී කුමාරයා ගේ මරණය වුණොත්, බන්ධන ගතවීමක් වුණොත්, පිරිහීමක්, නින්දාවකට වැටීමක් වුණොත්, ඒ ගැන ඔබ තුළ සෝක, වැලපීම්, දුක් දොම්නස්, සුසුම් හෙළීම් උපදිනවාද? ස්වාමීනි, චිරවාසී කුමාරයාගේ මරණය වුණොත්, බන්ධන ගතවීමක් වුණොත්, පිරිහීමක්, නින්දාවකට වැටීමක් වුණොත්, ඒ ගැන මගේ ජීවිතයට වුණත් කරදරයක් වෙන්ට ඉඩ තියෙනවා. එහෙම එකේ මට සෝක, වැලපීම්, දුක් දොම්නස්, සුසුම් හෙළීම් නූපදීවිද. පින්වත් ගාමණී, මේ ක්‍රමයෙනුත් “යම් කිසි දුකක් උපදින විට උපදිනවා නම්, ඒ සෑම දුකක් ම ආශාව මුල් කොට තියෙන්නේ. ආශාව මූලික කාරණය වෙලයි තියෙන්නේ. ආශාව ම යි දුකට මුල” කියන ඔය කාරණය ම යි අවබෝධ කරගත යුත්තේ.
පින්වත් ගාමණී, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? ඔබ යම් දවසක චිරවාසීගේ මව් ගැන දැකල තිබුණේ නැත්නම්, අසල තිබුණෙත් නැත්නම්, ඔබට චිරවාසීගේ මව් කෙරෙහි කැමැත්තක් හෝ රාගයක් හෝ ප්‍රේමයක් හෝ ඇති වුණාද? ස්වාමීනි, එය නොවේ ම යි. පින්වත් ගාමණී, චිරවාසී ගේ මව කෙරෙහි කැමැත්තක් හෝ රාගයක් හෝ ප්‍රේමයක් හෝ ඔබ තුළ ඇති වුණේ එක්කෝ දැකීමකට ඇවිල්ලා, එක්කෝ ඇසීමකට ඇවිල්ලා නේද? එසේය ස්වාමීනි. පින්වත් ගාමණී, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? චිරවාසී ගේ මවගේ මරණය වුණොත්, බන්ධන ගතවීමක් වුණොත්, පිරිහීමක්, නින්දාවකට වැටීමක් වුණොත්, ඒ ගැන ඔබ තුළ සෝක, වැලපීම්, දුක් දොම්නස්, සුසුම් හෙළීම් උපදිනවාද? ස්වාමීනි, චිරවාසීගේ මවගේ මරණය වුණොත්, බන්ධන ගතවීමක් වුණොත්, පිරිහීමක්, නින්දාවකට වැටීමක් වුණොත්, ඒ ගැන මගේ ජීවිතයට වුණත් කරදරයක් වෙන්ට ඉඩ තියෙනවා. එහෙම එකේ මට සෝක, වැලපීම්, දුක් දොම්නස්, සුසුම් හෙළීම් නූපදීවිද. පින්වත් ගාමණී, මේ ක්‍රමයෙනුත් “යම් කිසි දුකක් උපදින විට උපදිනවා නම්, ඒ සෑම දුකක් ම ආශාව මුල් කොට තියෙන්නේ. ආශාව මූලික කාරණය වෙලයි තියෙන්නේ. ආශාව ම යි දුකට මුල” කියන ඔය කාරණය ම යි අවබෝධ කරගත යුත්තේ.
සාදු ! සාදු !! සාදු !!!
භද්‍රක සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_8-1-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M