ආකිඤ්චඤ්ඤායතනය, ආකිඤ්චඤ්ඤායතනය කියලා කියනවා. ආකිඤ්චඤ්ඤායතනය යනු කුමක්ද? එතකොට ප්‍රිය ආයුෂ්මතුනි, මට මේ අදහස ඇති වුණා. මෙහිලා භික්ෂුව සියලු අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා යෑමෙන්, කිසිවක් නැත කියා මෙනෙහි කිරීමෙන් ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරනවා. මේකට තමයි ආකිඤ්චඤ්ඤායතනය කියන්නේ. ප්‍රිය ආයුෂ්මතුනි, ඒ මමත් සියලු අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා යෑමෙන්, කිසිවක් නැත කියා මෙනෙහි කිරීමෙන් ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරනවා. නමුත් ප්‍රිය ආයුෂ්මතුනි, මට මේ විහරණයෙන් වාසය කරද්දී විඤ්ඤාණඤ්චායතන සහගත සඤ්ඤා මනසිකාරයන් ඇති වෙනවා.
එතකොට ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ ඍද්ධි බලයෙන් මා වෙත වැඩම කරලා මෙකරුණ වදාළා. “පින්වත් මොග්ගල්ලාන, පින්වත් මොග්ගල්ලාන, පින්වත් බ්‍රාහ්මණය, ආකිඤ්චඤ්ඤායතනය ප්‍රමාද කරගන්ට එපා. ආකිඤ්චඤ්ඤායතනය තුළ සිත පිහිටුවා ගන්න. ආකිඤ්චඤ්ඤායතනය තුළ සිත එකඟ කරන්න. ආකිඤ්චඤ්ඤායතනය තුළ සිත තැන්පත් කරන්න” කියලා. ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, මං පස්සෙ කාලෙක සියලු අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා යෑමෙන්, කිසිවක් නැත කියා මෙනෙහි කිරීමෙන් ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කළා. යම් කෙනෙක් සඳහා මනාකොට කියද්දී ….(පෙ)…. මහා අභිඤ්ඤා සහිත බවට පත්වුණා” කියලා මනාකොට කියන්නේ මා ගැනයි.
සාදු ! සාදු !! සාදු !!!
ආකිඤ්චඤ්ඤායතන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_6-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M