සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

6.1.6. විඤ්ඤාණඤ්චායතන සුත්තං

6.1.6. විඤ්ඤාණඤ්චායතනය ගැන වදාළ දෙසුම

විඤ්ඤාණඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය කියලා කියනවා. විඤ්ඤාණඤ්චායතනය යනු කුමක්ද? එතකොට ප්‍රිය ආයුෂ්මතුනි, මට මේ අදහස ඇති වුණා. මෙහිලා භික්ෂුව සියලු අයුරින් ආකාසානඤ්චායතනය ඉක්මවා යෑමෙන්, අනන්ත වූ විඤ්ඤාණය මෙනෙහි කිරීමෙන් විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරනවා. මේකට තමයි විඤ්ඤාණඤ්චායතනය කියන්නේ. ප්‍රිය ආයුෂ්මතුනි, ඒ මමත් සියලු අයුරින් ආකාසානඤ්චායතනය ඉක්මවා යෑමෙන්, අනන්ත වූ විඤ්ඤාණය මෙනෙහි කිරීමෙන් විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරනවා. නමුත් ප්‍රිය ආයුෂ්මතුනි, මට මේ විහරණයෙන් වාසය කරද්දී ආකාසානඤ්චායතන සහගත සඤ්ඤා මනසිකාරයන් ඇති වෙනවා.

එතකොට ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ ඍද්ධි බලයෙන් මා වෙත වැඩම කරලා මෙකරුණ වදාළා. “පින්වත් මොග්ගල්ලාන, පින්වත් මොග්ගල්ලාන, පින්වත් බ්‍රාහ්මණය, විඤ්ඤාණඤ්චායතනය ප්‍රමාද කරගන්ට එපා. විඤ්ඤාණඤ්චායතනය තුළ සිත පිහිටුවා ගන්න. විඤ්ඤාණඤ්චායතනය තුළ සිත එකඟ කරන්න. විඤ්ඤාණඤ්චායතනය තුළ සිත තැන්පත් කරන්න” කියලා. ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, මං පස්සෙ කාලෙක සියලු අයුරින් ආකාසානඤ්චායතනය ඉක්මවා යෑමෙන්, අනන්ත වූ විඤ්ඤාණය මෙනෙහි කිරීමෙන් විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කළා. ප්‍රිය ආයුෂ්මතුනි, යම් කෙනෙක් සඳහා මනාකොට කියද්දී ….(පෙ)…. මහා අභිඤ්ඤා සහිත බවට පත්වුණා” කියලා මනාකොට කියන්නේ මා ගැනයි.

සාදු ! සාදු !! සාදු !!!

විඤ්ඤාණඤ්චායතන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_6-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M