සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

6.1.5. ආකාසානඤ්චායතන සුත්තං

6.1.5. ආකාසානඤ්චායතනය ගැන වදාළ දෙසුම

ආකාසානඤ්චායතනය, ආකාසානඤ්චායතනය කියලා කියනවා. ආකාසානඤ්චායතනය යනු කුමක්ද? එතකොට ප්‍රිය ආයුෂ්මතුනි, මට මේ අදහස ඇති වුණා. මෙහිලා භික්ෂුව සියලු අයුරින් රූප සඤ්ඤාවන් ඉක්මවා යෑමෙන්, ගොරෝසු සඤ්ඤාවන්ගේ දුරු වීමෙන්, නොයෙක් සඤ්ඤාවන් මෙනෙහි නොකිරීමෙන් අනන්ත වූ ආකාසය මෙනෙහි කිරීමෙන් ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරනවා. මේකට තමයි ආකාසානඤ්චායතනය කියන්නේ. ප්‍රිය ආයුෂ්මතුනි, ඒ මමත් සියලු අයුරින් රූප සඤ්ඤාවන් ඉක්මවා යෑමෙන්, ගොරෝසු සඤ්ඤාවන්ගේ දුරු වීමෙන්, නොයෙක් සඤ්ඤාවන් මෙනෙහි නොකිරීමෙන් අනන්ත වූ ආකාසය මෙනෙහි කිරීමෙන් ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරනවා. නමුත් ප්‍රිය ආයුෂ්මතුනි, මට මේ විහරණයෙන් වාසය කරද්දී රූප සහගත සඤ්ඤා මනසිකාරයන් ඇති වෙනවා.

එතකොට ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ ඍද්ධි බලයෙන් මා වෙත වැඩම කරලා මෙකරුණ වදාළා. “පින්වත් මොග්ගල්ලාන, පින්වත් මොග්ගල්ලාන, පින්වත් බ්‍රාහ්මණය, ආකාසානඤ්චායතනය ප්‍රමාද කරගන්ට එපා. ආකාසානඤ්චායතනය තුළ සිත පිහිටුවා ගන්න. ආකාසානඤ්චායතනය තුළ සිත එකඟ කරන්න. ආකාසානඤ්චායතනය තුළ සිත තැන්පත් කරන්න” කියලා. ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, මං පස්සෙ කාලෙක සියලු අයුරින් රූප සඤ්ඤාවන් ඉක්මවා යෑමෙන්, ගොරෝසු සඤ්ඤාවන්ගේ දුරු වීමෙන්, නොයෙක් සඤ්ඤාවන් මෙනෙහි නොකිරීමෙන් අනන්ත වූ ආකාසය මෙනෙහි කිරීමෙන් ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කළා. යම් කෙනෙක් සඳහා මනාකොට කියද්දී ….(පෙ)…. මහා අභිඤ්ඤා සහිත බවට පත්වුණා” කියලා මනාකොට කියන්නේ මා ගැනයි.

සාදු ! සාදු !! සාදු !!!

ආකාසානඤ්චායතන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_6-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M