සිව්වෙනි ධ්‍යානය, සිව්වෙනි ධ්‍යානය කියලා කියනවා. සිව්වෙනි ධ්‍යානය යනු කුමක්ද? එතකොට ප්‍රිය ආයුෂ්මතුනි, මට මේ අදහස ඇති වුණා. මෙහිලා භික්ෂුව සැපය ද ප්රහාණය කිරීමෙන්, දුක ද ප්රහාණය කිරීමෙන්, කලින් ම සොම්නස් දොම්නස් දෙක දුරු කිරීමෙන්, දුක් සැප රහිත වූ උපේක්ෂාවෙන් යුතු, පිරිසිදු සිහියෙන් යුතු හතරවෙනි ධ්‍යානයටත් පැමිණ වාසය කරනවා. මේකට තමයි සිව්වෙනි ධ්‍යානය කියන්නේ. ප්‍රිය ආයුෂ්මතුනි, ඒ මමත් සැපය ද ප්රහාණය කිරීමෙන්, දුක ද ප්රහාණය කිරීමෙන්, කලින් ම සොම්නස් දොම්නස් දෙක දුරු කිරීමෙන්, දුක් සැප රහිත වූ උපේක්ෂාවෙන් යුතු පිරිසිදු සිහියෙන් යුතු හතරවෙනි ධ්‍යානයටත් පැමිණ වාසය කරනවා. නමුත් ප්‍රිය ආයුෂ්මතුනි, මට මේ විහරණයෙන් වාසය කරද්දී උපේක්ෂා සහගත සඤ්ඤා මනසිකාරයන් ඇති වෙනවා.
එතකොට ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ ඍද්ධි බලයෙන් මා වෙත වැඩම කරලා මෙකරුණ වදාළා. “පින්වත් මොග්ගල්ලාන, පින්වත් මොග්ගල්ලාන, පින්වත් බ්‍රාහ්මණය, සිව්වෙනි ධ්‍යානය ප්‍රමාද කරගන්ට එපා. සිව්වෙනි ධ්‍යානය තුළ සිත පිහිටුවා ගන්න. සිව්වෙනි ධ්‍යානය තුළ සිත එකඟ කරන්න. සිව්වෙනි ධ්‍යානය තුළ සිත තැන්පත් කරන්න” කියලා. ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, මං පස්සෙ කාලෙක සැපය ද ප්රහාණය කිරීමෙන්, දුක ද ප්රහාණය කිරීමෙන්, කලින් ම සොම්නස් දොම්නස් දෙක දුරු කිරීමෙන් දුක් සැප රහිත වූ උපේක්ෂාවෙන් යුතු පිරිසිදු සිහියෙන් යුතු හතරවෙනි ධ්‍යානයටත් පැමිණ වාසය කළා. ප්‍රිය ආයුෂ්මතුනි, යම් කෙනෙක් සඳහා මනාකොට කියද්දී “ශාස්තෘන් වහන්සේගෙන් අනුග්‍රහය ලැබූ ශ්රාවකයා මහා අභිඤ්ඤා සහිත බවට පත්වුණා” කියලා කියනවා නම් “ශාස්තෘන් වහන්සේගෙන් අනුග්‍රහය ලැබූ ශ්රාවකයා මහා අභිඤ්ඤා සහිත බවට පත්වුණා” කියලා මනාකොට කියන්නේ මා ගැනයි.
සාදු ! සාදු !! සාදු !!!
උපේඛා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_6-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M