දෙවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය කියලා කියනවා. දෙවෙනි ධ්‍යානය යනු කුමක්ද? එතකොට ප්‍රිය ආයුෂ්මතුනි, මට මේ අදහස ඇති වුණා. මෙහිලා භික්ෂුව විතක්ක විචාරයන් සංසිඳුවාගෙන, තමා තුළ පැහැදීම ඇති කරගෙන, සිතේ එකඟභාවය ඇති කරගෙන, විතක්ක රහිත වූ විචාර රහිත වූ, සමාධියෙන් හටගත් ප්‍රීති සුඛය ඇති දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. මේකට තමයි දෙවෙනි ධ්‍යානය කියන්නේ. ප්‍රිය ආයුෂ්මතුනි, ඒ මමත් විතක්ක විචාරයන් සංසිඳුවාගෙන, තමා තුළ පැහැදීම ඇති කරගෙන, සිතේ එකඟභාවය ඇති කරගෙන, විතක්ක රහිත වූ විචාර රහිත වූ, සමාධියෙන් හටගත් ප්‍රීති සුඛය ඇති දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. නමුත් ප්‍රිය ආයුෂ්මතුනි, මට මේ විහරණයෙන් වාසය කරද්දී විතර්ක සහගත සඤ්ඤා මනසිකාරයන් ඇති වෙනවා.
එතකොට ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ ඍද්ධි බලයෙන් මා වෙත වැඩම කරලා මෙකරුණ වදාළා. “පින්වත් මොග්ගල්ලාන, පින්වත් මොග්ගල්ලාන, පින්වත් බ්‍රාහ්මණය, දෙවෙනි ධ්‍යානය ප්‍රමාද කරගන්ට එපා. දෙවෙනි ධ්‍යානය තුළ සිත පිහිටුවා ගන්න. දෙවෙනි ධ්‍යානය තුළ සිත එකඟ කරන්න. දෙවෙනි ධ්‍යානය තුළ සිත තැන්පත් කරන්න” කියලා. ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, මං පස්සෙ කාලෙක විතක්ක විචාරයන් සංසිඳුවාගෙන, තමා තුළ පැහැදීම ඇති කරගෙන, සිතේ එකඟභාවය ඇති කරගෙන, විතක්ක රහිත වූ විචාර රහිත වූ, සමාධියෙන් හටගත් ප්‍රීති සුඛය ඇති දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කළා. ප්‍රිය ආයුෂ්මතුනි, යම් කෙනෙක් සඳහා මනාකොට කියද්දී “ශාස්තෘන් වහන්සේගෙන් අනුග්‍රහය ලැබූ ශ්රාවකයා මහා අභිඤ්ඤා සහිත බවට පත්වුණා” කියලා කියනවා නම් “ශාස්තෘන් වහන්සේගෙන් අනුග්‍රහය ලැබූ ශ්රාවකයා මහා අභිඤ්ඤා සහිත බවට පත්වුණා” කියලා මනාකොට කියන්නේ මා ගැනයි.
සාදු ! සාදු !! සාදු !!!
අවිතක්ක සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_6-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M