“ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, අවිද්‍යාව, අවිද්‍යාව කියලා කියනවා. ප්‍රිය ආයුෂ්මතුනි, අවිද්‍යාව කියන්නේ මොකක්ද?” “ආයුෂ්මත, දුක පිළිබඳව යම් අවබෝධ නොවීමක් ඇද්ද, දුකේ හටගැනීම පිළිබඳව යම් අවබෝධ නොවීමක් ඇද්ද, දුක නිරුද්ධ වීම පිළිබඳව යම් අවබෝධ නොවීමක් ඇද්ද, දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව පිළිබඳව යම් අවබෝධ නොවීමක් ඇද්ද ආයුෂ්මත, අවිද්‍යාව කියන්නේ මෙයටයි.”
“ප්‍රිය ආයුෂ්මතුනි, ඔය අවිද්‍යාව ප්‍රහාණය කිරීම පිණිස මාර්ගයක් තියෙනවාද? ප්‍රතිපදාවක් තියෙනවාද?” “ආයුෂ්මත, මේ අවිද්‍යාව ප්‍රහාණය කිරීම පිණිස මාර්ගයක් තියෙනවා. ප්‍රතිපදාවක් තියෙනවා.” “ප්‍රිය ආයුෂ්මතුනි, ඔය අවිද්‍යාව ප්‍රහාණය කිරීම පිණිස තියෙන මාර්ගය කුමක්ද? ප්‍රතිපදාව කුමක්ද?” “ආයුෂ්මත, ඔය අවිද්‍යාව ප්‍රහාණය කිරීම පිණිස තියෙන්නේ ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම යි. ඒ කියන්නේ; සම්මා දිට්ඨි ….(පෙ)…. සම්මා සමාධි. ආයුෂ්මත, මේ අවිද්‍යාව ප්‍රහාණය කිරීම පිණිස පවතින මාර්ගය ඕක තමයි. වැඩපිළිවෙළත් ඕක තමයි.”
“ප්‍රිය ආයුෂ්මතුනි, මේ අවිද්‍යාව ප්‍රහාණය කිරීම පිණිස පවතින්නා වූ මාර්ගය නම් ඉතා සුන්දරයි. ප්‍රතිපදාව නම් ඉතා සුන්දරයි. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, මේ ගැන අප්‍රමාදී වීම ම යි වටින්නේ.”
සාදු ! සාදු !! සාදු !!!
අවිජ්ජා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_4-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M