“ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, ආශ්‍රව, ආශ්‍රව කියලා කියනවා. ප්‍රිය ආයුෂ්මතුනි, ආශ්‍රව කියන්නේ මොනවාද?” “ආයුෂ්මත, මේ ආශ්‍රව තුනක් තියෙනවා. කාම ආශ්‍රව, භව ආශ්‍රව හා අවිජ්ජා ආශ්‍රව යි. ආයුෂ්මත, මේ තමයි ආශ්‍රව තුන.” “ප්‍රිය ආයුෂ්මතුනි, ඔය ආශ්‍රවයන්ගේ ප්‍රහාණය කිරීම පිණිස මාර්ගයක් තියෙනවාද? ප්‍රතිපදාවක් තියෙනවාද?” “ආයුෂ්මත, මේ ආශ්‍රවයන්ගේ ප්‍රහාණය කිරීම පිණිස මාර්ගයක් තියෙනවා. ප්‍රතිපදාවක් තියෙනවා.” “ප්‍රිය ආයුෂ්මතුනි, ඔය ආශ්‍රවයන්ගේ ප්‍රහාණය කිරීම පිණිස තියෙන මාර්ගය කුමක්ද? ප්‍රතිපදාව කුමක්ද?” “ආයුෂ්මත, ඔය ආශ්‍රවයන්ගේ ප්‍රහාණය කිරීම පිණිස තියෙන්නේ ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම යි. ඒ කියන්නේ; සම්මා දිට්ඨි ….(පෙ)…. සම්මා සමාධි. ආයුෂ්මත, මේ ආශ්‍රවයන්ගේ ප්‍රහාණය කිරීම පිණිස පවතින මාර්ගය ඕක තමයි. වැඩපිළිවෙළත් ඕක තමයි.” “ප්‍රිය ආයුෂ්මතුනි, මේ ආශ්‍රවයන්ගේ ප්‍රහාණය කිරීම පිණිස පවතින්නා වූ මාර්ගය නම් ඉතා සුන්දරයි. ප්‍රතිපදාව නම් ඉතා සුන්දරයි. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, මේ ගැන අප්‍රමාදී වීම ම යි වටින්නේ.”
සාදු ! සාදු !! සාදු !!!
ආසව සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_4-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M