සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

4.1.7. වේදනා සුත්තං

4.1.7. වේදනාව ගැන වදාළ දෙසුම

“ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, වේදනාව, වේදනාව කියලා කියනවා. ප්‍රිය ආයුෂ්මතුනි, වේදනාව කියන්නේ මොනවාද?” “ආයුෂ්මත, මේ වේදනා තුනක් තියෙනවා. සැප වේදනාව, දුක් වේදනාව හා දුක් සැප රහිත වේදනාව යි. ආයුෂ්මත, මේ තමයි වේදනා තුන.” “ප්‍රිය ආයුෂ්මතුනි, ඔය වේදනාවන්ගේ පිරිසිඳ දැනීම පිණිස මාර්ගයක් තියෙනවාද? ප්‍රතිපදාවක් තියෙනවාද?” “ආයුෂ්මත, මේ වේදනාවන්ගේ පිරිසිඳ දැනීම පිණිස මාර්ගයක් තියෙනවා. ප්‍රතිපදාවක් තියෙනවා.” “ප්‍රිය ආයුෂ්මතුනි, ඔය වේදනාවන්ගේ පිරිසිඳ දැනීම පිණිස තියෙන මාර්ගය කුමක්ද? ප්‍රතිපදාව කුමක්ද?” “ආයුෂ්මත, ඔය වේදනාවන්ගේ පිරිසිඳ දැනීම පිණිස තියෙන්නේ ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම යි. ඒ කියන්නේ; සම්මා දිට්ඨි ….(පෙ)…. සම්මා සමාධි. ආයුෂ්මත, මේ වේදනාවන්ගේ පිරිසිඳ දැනීම පිණිස පවතින මාර්ගය ඕක තමයි. වැඩපිළිවෙළත් ඕක තමයි.” “ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, මේ වේදනාවන්ගේ පිරිසිඳ දැනීම පිණිස පවතින්නා වූ මාර්ගය නම් ඉතා සුන්දරයි. ප්‍රතිපදාව නම් ඉතා සුන්දරයි. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, මේ ගැන අප්‍රමාදී වීම ම යි වටින්නේ.”

සාදු ! සාදු !! සාදු !!!

වේදනා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_4-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M