සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

4.1.10. තණ්හා සුත්තං

4.1.10. තණ්හාව ගැන වදාළ දෙසුම

“ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, තණ්හාව, තණ්හාව කියලා කියනවා. ප්‍රිය ආයුෂ්මතුනි, තණ්හාව කියන්නේ මොනවාද?” “ආයුෂ්මත, මේ තණ්හා තුනක් තියෙනවා. කාම තණ්හාව, භව තණ්හාව හා විභව තණ්හාවයි. ආයුෂ්මත, මේ තමයි තණ්හා තුන.” “ප්‍රිය ආයුෂ්මතුනි, ඔය තණ්හාව ප්‍රහාණය කිරීම පිණිස මාර්ගයක් තියෙනවාද? ප්‍රතිපදාවක් තියෙනවාද?” “ආයුෂ්මත, මේ තණ්හාව ප්‍රහාණය කිරීම පිණිස මාර්ගයක් තියෙනවා. ප්‍රතිපදාවක් තියෙනවා.”

“ප්‍රිය ආයුෂ්මතුනි, ඔය තණ්හාව ප්‍රහාණය කිරීම පිණිස තියෙන මාර්ගය කුමක්ද? ප්‍රතිපදාව කුමක්ද?” “ආයුෂ්මත, ඔය තණ්හාව ප්‍රහාණය කිරීම පිණිස තියෙන්නේ ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම යි. ඒ කියන්නේ; සම්මා දිට්ඨි ….(පෙ)…. සම්මා සමාධි. ආයුෂ්මත, මේ තණ්හාව ප්‍රහාණය කිරීම පිණිස පවතින මාර්ගය ඕක තමයි. වැඩපිළිවෙළත් ඕක තමයි.”

“ප්‍රිය ආයුෂ්මතුනි, මේ තණ්හාව ප්‍රහාණය කිරීම පිණිස පවතින්නා වූ මාර්ගය නම් ඉතා සුන්දරයි. ප්‍රතිපදාව නම් ඉතා සුන්දරයි. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, මේ ගැන අප්‍රමාදී වීම ම යි වටින්නේ.”

සාදු ! සාදු !! සාදු !!!

තණ්හා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_4-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M