සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

4.1.4. කිමත්ථිය සුත්තං

4.1.4. “කුමක් පිණිසද” යන්න ගැන වදාළ දෙසුම

“ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ සසුනෙහි බඹසර වසන්නේ කුමක් පිණිසද?” “ආයුෂ්මත, භාග්‍යවතුන් වහන්සේගේ සසුනේ බඹසර වසන්නේ දුක පිරිසිඳ දැකීම පිණිසයි.” “ප්‍රිය ආයුෂ්මතුනි, ඔය දුක පිරිසිඳ දැකීම පිණිස මාර්ගයක් තියෙනවාද? වැඩපිළිවෙළක් තියෙනවාද?” “ආයුෂ්මත, මේ දුක පිරිසිඳ දැකීම පිණිස මාර්ගයක් තියෙනවා. වැඩපිළිවෙළක් තියෙනවා.” “ප්‍රිය ආයුෂ්මතුනි, ඔය දුක පිරිසිඳ දැකීම පිණිස තියෙන මාර්ගය කුමක්ද? වැඩපිළිවෙළ කුමක්ද?” “ආයුෂ්මත, මේ දුක පිරිසිඳ දැකීම පිණිස තියෙන්නේ ඒ මේ ආර්ය ආෂ්ටාංගික මාර්ගය ම යි. ඒ කියන්නේ; සම්මා දිට්ඨි ….(පෙ)…. සම්මා සමාධි. ආයුෂ්මත, මේ දුක පිරිසිඳ දැකීම පිණිස පවතින මාර්ගය ඕක තමයි. වැඩපිළිවෙළත් ඕක තමයි.” “ප්‍රිය ආයුෂ්මතුනි, මේ දුක පිරිසිඳ දැකීම පිණිස පවතින්නා වූ මාර්ගය නම් ඉතා සුන්දරයි. ප්‍රතිපදාව නම් ඉතා සුන්දරයි. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, මේ ගැන අප්‍රමාදී වීම ම යි වටින්නේ.”

සාදු ! සාදු !! සාදු !!!

කිමත්ථිය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_4-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M