“ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, අස්වැසිල්ලට පත්වුණා, අස්වැසිල්ලට පත් වුණා කියලා කියනවා. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, අස්වැසිල්ලට පත් වන්නේ කුමන කරුණු මතද?” “ආයුෂ්මත, යම් දවසක භික්ෂුව ස්පර්ශ ආයතන හයේ හටගැනීමත්, නැසී යාමත්, ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් ඒ වූ ආකාරයෙන් ම දන්නවා නම්, ආයුෂ්මත, මෙපමණකින් ම අස්වැසිල්ලට පත් වුණා වෙනවා.” “ප්‍රිය ආයුෂ්මතුනි, අස්වැසිල්ලට පත් වීම සාක්‍ෂාත් කිරීම පිණිස මාර්ගයක් තියෙනවාද? වැඩපිළිවෙළක් තියෙනවාද?” “ආයුෂ්මත, අස්වැසිල්ලට පත් වීම සාක්‍ෂාත් කිරීම පිණිස මාර්ගයක් තියෙනවා. වැඩපිළිවෙළක් තියෙනවා.” “ප්‍රිය ආයුෂ්මතුනි, අස්වැසිල්ලට පත් වීම සාක්‍ෂාත් කිරීම පිණිස පවතින මාර්ගය කුමක්ද? වැඩපිළිවෙළ කුමක්ද?” “ආයුෂ්මත, මේ අස්වැසිල්ලට පත් වීම සාක්‍ෂාත් කිරීම පිණිස තියෙන්නේ ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම යි. ඒ කියන්නේ; සම්මා දිට්ඨි ….(පෙ)…. සම්මා සමාධි. ආයුෂ්මත, මේ අස්වැසිල්ලට පත් වීම සාක්‍ෂාත් කිරීම පිණිස පවතින මාර්ගය ඕක තමයි. වැඩපිළිවෙළත් ඕක තමයි.” “ප්‍රිය ආයුෂ්මතුනි, මේ අස්වැසිල්ලට පත් වීම සාක්‍ෂාත් කිරීම පිණිස පවතින්නා වූ මාර්ගය නම් ඉතා සුන්දරයි. ප්‍රතිපදාව නම් ඉතා සුන්දරයි. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, මේ ගැන අප්‍රමාදී වීම ම යි වටින්නේ.”
සාදු ! සාදු !! සාදු !!!
අස්සාස සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_4-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M