“ප්රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, අරහත්වය, අරහත්වය කියලා කියනවා. ප්රිය ආයුෂ්මතුනි, අරහත්වය කියලා කියන්නේ කුමක්ද?” “ආයුෂ්මත, යම් රාගය ක්ෂය වීමක්, ද්වේෂය ක්ෂය වීමක්, මෝහය ක්ෂය වීමක් ඇද්ද අරහත්වය කියන්නේ මෙයටයි.” “ප්රිය ආයුෂ්මතුනි, ඔය අරහත්වය සාක්ෂාත් කිරීම පිණිස වැඩපිළිවෙළක් තියෙනවාද? මාර්ගයක් තියෙනවාද?” “ආයුෂ්මත, මේ අරහත්වය සාක්ෂාත් කිරීම පිණිස වැඩපිළිවෙළක් තියෙනවා. මාර්ගයකුත් තියෙනවා.” “ප්රිය ආයුෂ්මතුනි, ඔය අරහත්වය සාක්ෂාත් කිරීම පිණිස පවතින වැඩපිළිවෙළ කුමක්ද? මාර්ගය කුමක්ද?” “ආයුෂ්මත, මේ අරහත්වය සාක්ෂාත් කිරීම පිණිස පවතින්නේ ඒ මේ ආර්ය ආෂ්ටාංගික මාර්ගය ම යි. ඒ කියන්නේ; සම්මා දිට්ඨි ….(පෙ)…. සම්මා සමාධි යන මෙයයි. ආයුෂ්මත, මේ අරහත්වය සාක්ෂාත් කිරීම පිණිස තිබෙන්නේ ඔය මාර්ගය තමයි. ඔය ප්රතිපදාව තමයි.” “ප්රිය ආයුෂ්මතුනි, මේ අරහත්වය සාක්ෂාත් කිරීම පිණිස පවතින්නේ සොඳුරු මඟක් ම යි. සොඳුරු ප්රතිපදාවක් ම යි. ප්රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, අප්රමාදී වීමට ම යි සුදුසු.”
සාදු ! සාදු !! සාදු !!!
අරහත්ත සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_4-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M