“ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, විපාක විඳීම පිණිස කර්ම සකස් වීම (භවය), විපාක විඳීම පිණිස කර්ම සකස් වීම (භවය) කියලා කියනවා. ප්‍රිය ආයුෂ්මතුනි, විපාක විඳීම පිණිස කර්ම සකස් වීම කියලා කියන්නේ මොකක්ද?” “ආයුෂ්මත, විපාක විඳීම පිණිස කර්ම සකස් වීම් තුනක් තියෙනවා. කාම ලෝකයෙහි විපාක විඳීම පිණිස කර්ම සකස් වීම (කාම භවය), රූප ලෝකයෙහි විපාක විඳීම පිණිස කර්ම සකස් වීම (රූප භවය) හා අරූප ලෝකයෙහි විපාක විඳීම පිණිස කර්ම සකස් වීම (අරූප භවය) යි. ආයුෂ්මත, මේ තමයි විපාක විඳීම පිණිස කර්ම සකස් වීම් තුන.” “ප්‍රිය ආයුෂ්මතුනි, ඔය විපාක විඳීම පිණිස කර්ම සකස් වීම්වල පිරිසිඳ දැනීම පිණිස මාර්ගයක් තියෙනවාද? ප්‍රතිපදාවක් තියෙනවාද?” “ආයුෂ්මත, මේ විපාක විඳීම පිණිස කර්ම සකස් වීම්වල පිරිසිඳ දැනීම පිණිස මාර්ගයක් තියෙනවා. ප්‍රතිපදාවක් තියෙනවා.” “ප්‍රිය ආයුෂ්මතුනි, ඔය විපාක විඳීම පිණිස කර්ම සකස් වීම්වල පිරිසිඳ දැනීම පිණිස තියෙන මාර්ගය කුමක්ද? ප්‍රතිපදාව කුමක්ද?” “ආයුෂ්මත, ඔය විපාක විඳීම පිණිස කර්ම සකස් වීම්වල පිරිසිඳ දැනීම පිණිස තියෙන්නේ ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම යි. ඒ කියන්නේ; සම්මා දිට්ඨි ….(පෙ)…. සම්මා සමාධි. ආයුෂ්මත, මේ විපාක විඳීම පිණිස කර්ම සකස් වීම්වල පිරිසිඳ දැනීම පිණිස පවතින මාර්ගය ඕක තමයි. වැඩපිළිවෙළත් ඕක තමයි.” “ප්‍රිය ආයුෂ්මතුනි, මේ විපාක විඳීම පිණිස කර්ම සකස් වීම්වල පිරිසිඳ දැනීම පිණිස පවතින්නා වූ මාර්ගය නම් ඉතා සුන්දරයි. ප්‍රතිපදාව නම් ඉතා සුන්දරයි. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, මේ ගැන අප්‍රමාදී වීම ම යි වටින්නේ.”
සාදු ! සාදු !! සාදු !!!
භව සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_4-1-13/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M