සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

4.1.12. උපාදාන සුත්තං

4.1.12. බැඳීයාම ගැන වදාළ දෙසුම

“ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, බැඳීයාම, බැඳීයාම කියලා කියනවා. ප්‍රිය ආයුෂ්මතුනි, බැඳීයාම කියන්නේ මොනවාද?” “ආයුෂ්මත, මේ බැඳීයාම් හතරක් තියෙනවා. කාමයට බැඳීයාම, දාෂ්ටි වලට බැඳීයාම, සීලව්‍රතයන්ට බැඳීයාම හා ‘මාගේ ය, මම ය, මාගේ ආත්මය ය’ යන ආදී ආත්මවාදයට බැඳීයාම යි. ආයුෂ්මත, මේ තමයි බැඳීයාම් හතර.” “ප්‍රිය ආයුෂ්මතුනි, ඔය බැඳීයාම් ප්‍රහාණය කිරීම පිණිස මාර්ගයක් තියෙනවාද? ප්‍රතිපදාවක් තියෙනවාද?” “ආයුෂ්මත, මේ බැඳීයාම් ප්‍රහාණය කිරීම පිණිස මාර්ගයක් තියෙනවා. ප්‍රතිපදාවක් තියෙනවා.” “ප්‍රිය ආයුෂ්මතුනි, ඔය බැඳීයාම් ප්‍රහාණය කිරීම පිණිස තියෙන මාර්ගය කුමක්ද? ප්‍රතිපදාව කුමක්ද?” “ආයුෂ්මත, ඔය බැඳීයාම් ප්‍රහාණය කිරීම පිණිස තියෙන්නේ ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම යි. ඒ කියන්නේ; සම්මා දිට්ඨි ….(පෙ)…. සම්මා සමාධි. ආයුෂ්මත, මේ බැඳීයාම් ප්‍රහාණය කිරීම පිණිස පවතින මාර්ගය ඕක තමයි. වැඩපිළිවෙළත් ඕක තමයි.” “ප්‍රිය ආයුෂ්මතුනි, මේ බැඳීයාම් ප්‍රහාණය කිරීම පිණිස පවතින්නා වූ මාර්ගය නම් ඉතා සුන්දරයි. ප්‍රතිපදාව නම් ඉතා සුන්දරයි. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, මේ ගැන අප්‍රමාදී වීම ම යි වටින්නේ.”

සාදු ! සාදු !! සාදු !!!

උපාදාන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_4-1-12/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M