සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

4.1.14. දුක්ඛ සුත්තං

4.1.14. දුක ගැන වදාළ දෙසුම

“ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, දුක, දුක කියලා කියනවා. ප්‍රිය ආයුෂ්මතුනි, දුක කියන්නේ මොකක්ද?” “ආයුෂ්මත, දුක්ඛිතභාවයන් තුනක් තියෙනවා. දුක නම් වූ දුක්ඛිතභාවය, සංස්කාරයන්ගේ දුක්ඛිතභාවය හා විපරිණාම නම් වූ දුක්ඛිතභාවය යි. ආයුෂ්මත, මේ තමයි දුක්ඛිතභාවයන් තුන.” “ප්‍රිය ආයුෂ්මතුනි, ඔය දුක්ඛිතභාවයන්ගේ පිරිසිඳ දැනීම පිණිස මාර්ගයක් තියෙනවාද? ප්‍රතිපදාවක් තියෙනවාද?” “ආයුෂ්මත, මේ දුක්ඛිතභාවයන්ගේ පිරිසිඳ දැනීම පිණිස මාර්ගයක් තියෙනවා. ප්‍රතිපදාවක් තියෙනවා.” “ප්‍රිය ආයුෂ්මතුනි, ඔය දුක්ඛිතභාවයන්ගේ පිරිසිඳ දැනීම පිණිස තියෙන මාර්ගය කුමක්ද? ප්‍රතිපදාව කුමක්ද?” “ආයුෂ්මත, ඔය දුක්ඛිතභාවයන්ගේ පිරිසිඳ දැනීම පිණිස තියෙන්නේ ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම යි. ඒ කියන්නේ; සම්මා දිට්ඨි ….(පෙ)…. සම්මා සමාධි. ආයුෂ්මත, මේ දුක්ඛිතභාවයන්ගේ පිරිසිඳ දැනීම පිණිස පවතින මාර්ගය ඕක තමයි. ප්‍රතිපදාවත් ඕක තමයි.” “ප්‍රිය ආයුෂ්මතුනි, මේ දුක්ඛිතභාවයන්ගේ පිරිසිඳ දැනීම පිණිස පවතින්නා වූ මාර්ගය නම් ඉතා සුන්දරයි. ප්‍රතිපදාව නම් ඉතා සුන්දරයි. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, මේ ගැන අප්‍රමාදී වීම ම යි වටින්නේ.”

සාදු ! සාදු !! සාදු !!!

දුක්ඛ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_4-1-14/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M