පින්වත් මහණෙනි, මේවා තමයි ස්ත්‍රියට ඇති බල පහ. කවර පහක් ද යත්? රූප බලය. භෝග සම්පත් බලය. නෑදෑ බලය. පුත්‍ර බලය. සීල බලය. පින්වත් මහණෙනි, රූප බලයෙන් යුතු ස්ත්‍රිය භෝග සම්පත් බලයෙන් තොර නම්, මෙසේ ඇය ඒ කොටසින් අපරිපූර්ණයි. පින්වත් මහණෙනි, යම් කලෙක ස්ත්‍රිය රූප බලයෙනුත් ඒ වගේම භෝග බලයෙනුත් සමන්විත වෙනවා. එතකොට ඈ ඒ කොටසින් සම්පූර්ණ වෙනවා. පින්වත් මහණෙනි, ස්ත්‍රිය රූප බලයෙනුත්, භෝග බලයෙනුත් සමන්විත නමුත් ඤාති බලයෙන් යුක්ත නෑ. මෙසේ ඈ ඒ කොටසින් අපරිපූර්ණ වෙනවා. පින්වත් මහණෙනි, යම් කලෙක ස්ත්‍රිය රූප බලයෙනුත්, භෝග බලයෙනුත් ඒ වගේම ඤාති බලයෙනුත් සමන්විත වෙනවා. එතකොට ඈ ඒ කොටසින් සම්පූර්ණ වෙනවා.
පින්වත් මහණෙනි, ස්ත්‍රිය රූප බලයෙනුත්, භෝග බලයෙනුත් ඤාති බලයෙනුත් සමන්විත නමුත් පුත්‍ර බලයෙන් යුක්ත නෑ. මෙසේ ඈ ඒ කොටසින් අපරිපූර්ණ වෙනවා. පින්වත් මහණෙනි, යම් කලෙක ස්ත්‍රිය රූප බලයෙනුත්, භෝග බලයෙනුත්, ඤාති බලයෙනුත් ඒ වගේම පුත්‍ර බලයෙනුත් සමන්විත වෙනවා. එතකොට ඈ ඒ කොටසින් සම්පූර්ණ වෙනවා. පින්වත් මහණෙනි, ස්ත්‍රිය රූප බලයෙනුත්, භෝග බලයෙනුත්, ඤාති බලයෙනුත්, පුත්‍ර බලයෙනුත් සමන්විත නමුත් සීල බලයෙන් යුක්ත නෑ. මෙසේ ඈ ඒ කොටසින් අපරිපූර්ණ වෙනවා. පින්වත් මහණෙනි, යම් කලෙක ස්ත්‍රිය රූප බලයෙනුත්, භෝග බලයෙනුත්, ඤාති බලයෙනුත්, පුත්‍ර බලයෙනුත් ඒ වගේම සීල බලයෙනුත් සමන්විත වෙනවා. එතකොට ඈ ඒ කොටසින් සම්පූර්ණ වෙනවා. පින්වත් මහණෙනි, ස්ත්‍රියට ඇති බල පහ මේවාය.
සාදු ! සාදු !! සාදු !!!
අංග සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_3-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M