☰
පින්වත් මහණෙනි, මේවා තමයි ස්ත්‍රියට ඇති බල පහ. කවර පහක් ද යත්? රූප බලය. භෝග සම්පත් බලය. නෑදෑ බලය. පුත්‍ර බලය. සීල බලය. පින්වත් මහණෙනි, ස්ත්‍රියට ඇති බල පහ මේවාය. පින්වත් මහණෙනි, මේ බල පහෙන් සමන්විත ස්ත්‍රිය තම සැමියාව මැඬගෙන වාසය කරනවා.
පින්වත් මහණෙනි, මේ එක බලයකින් සමන්විත වූ පුරුෂයා ස්ත්‍රියව යටත් කොට ගෙන සිටිනවා. කවර එකකින් ද යත්? ඉසුරු බලයෙන් ය. පින්වත් මහණෙනි, ඉසුරු බලයෙන් යටපත් කරන ලද ස්ත්‍රිය රූප බලයෙන් රැකෙන්නේ නෑ. භෝග බලයෙන් රැකෙන්නේ නෑ. ඤාති බලයෙන් රැකෙන්නේ නෑ. පුත්‍ර බලයෙන් රැකෙන්නේ නෑ. සීල බලයෙන් රැකෙන්නේ නෑ.
සාදු ! සාදු !! සාදු !!!
අභිභුය්හ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_3-3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M